
(ඩී.කේ.රත්න)
ඇල්ල හිඹිලියගොල්ල ප්‍රදේශයේ නිධන් වස්තු සෙවීම සඳහා බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් නිධන් හාරමින් සිටි පුද්ගලයින් 6දෙනෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු, දෙමෝදර පදිංචි පුද්ගලයෙකු හා ඇල්ල හිඹිලියගොල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුය.
හිඹිලියගොල්ල ප්‍රදේශයේ ඉඩමක කිසියම් පිරිසක් විසින් නිධන් හාරමින් සිටින බවට ඇල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd