
(ටී.කේ.ජී.කපිල)
ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (25) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගුවන් තොටුපළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත , පී.සී.ආර්.වෛද්‍ය රසායනාගාරය , මහජන ප්‍රේක්ෂක මණ්ඩපය, ගුවන් තොටුපළ ගිනි නිවීම් සහ මුදා ගැනීමේ ඒකකය ,නව ගුවන් යානා අංගනය ඇතුළු ගුවන් තොටුපළ නව සංවර්ධන ප්‍රදේශ නිරීක්ෂණයට ලක් කළේය.
මෙම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , උප සභාපති රජීව් සූරියආරච්චි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ද ගුවන් තොටුපළ විවිධ අංශ නියෝජනය කරමින් එම අංශ ප්‍රධානීන්ද එක්වී සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd