IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

(නවරත්න සමරතුංග)

නාමල්ඔය වැවේ සො‍රොව්ව අසලදී අද (26) යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් එහි පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉගිනියාගල පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඩී.ඇම්.කරුණාදාස නැමැති 58 හැවිරිදි  පොල්වගා ජනපදය අම්පාර ලිපිනයේ පදිංච්කරුවෙකි.

මෙම පැදිකරු තවත් පුද්ගලයෙකු සමඟ පොල්ලෙබැද්ද සිට ඉගිනියාගල දෙසට ගමන් කරමින් සිටියදී මුල්ලේගම ප්‍රදේශයේදී  ඔවුන් ගමන් කරමින් සිටි යතුරු පැදියේ කාර්මික දෝෂයක් හටගෙන නතර වී ඇත.

එම අවස්ථාවේ මහනුවර දෙස සිට පැමිණි වෑන් රථයක් නතර කර ඇති අතර පසුව එහි සිටි පුද්ගලයෙකු විසින් යතුරු පැදියේ දෝෂය සකස්කර දී ඇත.

ඉන්පසුව යතුරු පැදියේ ගමන් කළ අනෙක් පුද්ගලයා වෑන් රථයට ගොඩවී ඇති අතර පැදිකරු වෑන් රිය පසු පසින් නාමල් ඔය වැව දෙසට ගමන් කර ඇති බවත් එහිදී යතුරු පැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව ඔහු සොරොව්ව අසල තිබූ ආරක්ෂිත යකඩ වැටෙහි ගැටී ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව වෑන් රථයේ සිටි පිරිස යතුරුපැදිකරුව ඉගිනියාගල දිසා ‍රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර ‍රෝහලට ඇතුළත් කරන විට පැදිකරු මියගොස් සිටි බව පොලිසිය කීය. 

 

 



අදහස් (0)

යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site