IMG-LOGO

ඉන්දියාවෙන් එන කේරළ ගංජා බෙදූ ප්‍රබලයන් දෙදෙනෙකු දැලේ

(රොමේෂ් මධුෂංඛ)

ඉන්දියාවේ සිට උතුරට රැගෙන එන ලද කේරළ ගංජා දිවයිනේ වෙනත් ප්‍රදේශ වෙත ප්‍රවාහනය කරන ප්‍රබල ජාවාරම්කරුවන් දෙදෙනෙකු කේරළ ගංජා තොගයක් ද සමග අද (27) වන්නි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 ත් 20 ත් වයස්වල පසුවන පුලියන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 
වන්නි යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසකගේද සහභාගීත්වයෙන්, වවුනියාව අල්ෆානගර් ප්‍රදේශයේදී උපාය දූතයෙකු මාර්ගයෙන් සෝදිසි කර වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
 
ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝ දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් ද හමුදා බුද්ධි අංශ නිලධාරීහු සිය බාරයට ගත්හ.
 
ඉන්දියාවේ සිට ගෙනෙන කේරළ ගංජා වවුනියාවේ ළිඳක් ආසන්නයේ වලක සඟවා තබාගෙන, විටින්විට බෙදාහැර ඇති අතර, එම ජාවාරම දිගුකලක පටන් සිදුකර ඇති බවද අනාවරණය වී ඇත.
 
සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව පොලීසියට බාරදීමට වන්නි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීහු සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු පියවර ගත්හ.



අදහස් (0)

ඉන්දියාවෙන් එන කේරළ ගංජා බෙදූ ප්‍රබලයන් දෙදෙනෙකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site