IMG-LOGO

හෙරොයින් සමඟ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

(වසන්ත චන්ද්‍රපාල)

වැලිකඩ පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 09 ක් සහ අයිස් මිලිග්‍රෑම් 400 ක් සමඟ අද (27) අත්අඩංගුවට ගත්බව දමන පොලිසිය පැවසීය.

පොලිසියට ලද තොරතුරුකට අනුව හිගුරාන සීනි කර්මාන්ත ශාලාව අසලදී හෙරොයින් සමඟ මෙම නිලධාරියා අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

පසුව පොලිසිය විසින් අම්පාර පොලිස් නිල සුනඛ අංශයේ නිල සුනඛයින් යොදවා පොලිස් සැරයන්වරයාගේ  නිවස පරීක්ෂා කිරීමේදී තවත් හෙරොයින් ග්‍රෑම් හයක් ,  කුඩා විද්‍යුත් තරාදියක් සහ මත්කුඩු පානය කිරීමට ගන්නා කුඩා බටයක් සොයා ගෙන තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම පුද්ගලයා විසින් මත්ද්‍රව්‍ය රුගෙන පැමිණ ඇති බවද පොලිස් පරීක්ෂණලදි තහවුරු කරගෙන ඇතිබව පොලිසිය කීය.

දැනට මෙම පුද්ගලයා පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝගයක් ලබාගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට කටයුතු සිදුකරන බවත් දමන පොලිසිය පැවසීය.



අදහස් (0)

හෙරොයින් සමඟ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site