
(ටී. එල්. ජ්වුෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් පවුල් 23,335ක 64,761 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික්කයේ ආපදා සහන සේවා නිලධාරි ආර්. සිවනාන්දන් මහතා පැවසීය.
වගාවට ජලය ලබා දෙන පොරුගාමම්, කෝවිල් පෝරතිවු, වෙල්ලාවෙලි , පලුකාමම්, කලුතාව්ලයි, කලුවන්ච්චිකුඩි සහ මහිලුර් යනාදී ප්‍රදේශවල කුඩා වැව් මේ වනවිට සිඳී ගොසිනි.
පඩුවාන්කරයි ප්‍රදේශයේ බොහෝ ගම්මානවලට පානීය ජලය නොමැති බවද පළාත් පාලන ආයතන මගින් ජල බවුසර් මගින් පානීය ජලය බෙදාහැරියද ඒවා ප්‍රමාණවත් නොවන බවද මහජතාව පවසයි.
මඩකලපුව දිස්ත්‍රික්ක මහා ලේකම් කලාමති පත්මරාජා මහත්මියගේ උපදෙස් මත, ආපදා සහන සේවා අංශය මගින් නියඟයෙන් පීඩාවට පත් ගම්මාන හඳුනාගෙන ජල බවුසර් යොදා පානිය ජලය බෙදාහැරීම් ක්‍රියාව ආරම්භ කර ඇත.
ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 8 ක් දායක වී ඇති අතර, පානීය ජලය බෙදාහැරීම වෙනුවෙන් රුපියල් මිලියන 5.5ක මුදලක් යොදවා තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.