‘ලංකාව ජාත්‍යන්තරයට ගෙන යාහැකි අයෙක් ජනපති අපේක්ෂකයා කරනවා’
රටේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය සහ සංවර්ධනය ගොඩනැගිය හැකි, තරුණයා මුල්කොටගත් සමාජයක් බිහිකළ හැකි, රට ජාත්‍යන්තරයට ගෙන යාහැකි පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පකෂයේ උප නායක විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද(19) පැවසීය.