(කාංචන කුමාර ආරියදාස)
 
මෙරට බහුතරයක් වූ කාන්තා සමාජය ශක්තිමත් කරමින් ඉදිරියේ දී කාන්තාව මූලික කරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කර, විදේශීය රටවලින් ණය ලබාගැනීමේ ක්‍රියාවලියෙන්  තොරව රට සංවර්ධනය කිරීමට කාන්තා ප්‍රඥප්තියක් ඇති කරන බව  නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(19) දඹුල්ලේ දී පැවසීය.
 
නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ණය ආධාර මත ඉදිකළ 258 වන ගම්මානය වන දඹුල්ල ඇඹුල්අඹේ "රන්දදගම" අමාත්‍යවරයා අතින් විවෘත කෙරිණි.
 
මෙම ගම්මානයේ නිවාස විසිතුනකි. අලුතින් ඉදි වූ නිවාස, අඩක් ඉදිකර තිබූ නිවාස අලුත්වැඩියා කිරීම, කපරාරු කිරීම සහ වහල සෙවිලි  කොට නිවස අංග සම්පූර්ණ කිරීම ආදී කටයුතු සඳහා නිවාස සංවර්ධන අධිකාරිය මගින් ණය ආධාර යටතේ ඉදිකර තිබිණි.
 
ගම්මානේ සමරු ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිවාස කීපයක් විවෘත කිරීමට එක්වූ අතර පසුව එහි පැමිණ සිටි ජනතාව අමතමින්  කාන්තා මූලික ආර්ථිකය ශක්තිමත් කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.
 
මෙහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ   මෙරට කාන්තා ජනගහනය වර්ධනය වීමත් සමඟ කාන්තාව බහුතරය වී පිරිමි සුළුතරය බවට පත්ව තිබෙන බවය. එම හේතුව නිසා කාන්තා මූලික සමාජය රටේ බහුතරයක් තිබෙන බවත් අනෙකුත් රටවල් දියුණු වී ඇත්තේ ඉතිරි කිරීම ප්‍රගුණ කිරීමෙන් බව ය.
 
ලබන නොවැම්බර් මාසයේ ජනතාව ලබාදෙන වරමත් සමග   කාන්තාව ඉතිරි කිරීම සඳහා යොමුකර රටේ සංවර්ධනයට කාන්තා ප්‍රඥප්තියක් ඇතිකර වෙනත් රටවලින් මුදල් ඉල්ලා හිඟා කෑම හඬා වැටීම නවතා රටේ ආර්ථිකය ඉදිරියේදී ශක්තිමත් කිරීමට තමා සූදානම් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘කාන්තාව මූලික කරමින් ආර්ථිකය ශක්තිමත් කරනවා’