“වියත්කම මහජන නියෝජනයට එක් හේතුවක් පමණයි”
පාර්ලිමේන්තුවට පිවිසිය යුත්තේ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනන ජනතාව සමඟ සිටින දේශපාලන නායකයන් යැයි ද, විද්වත්භාවය එක් සුදුසුකමක් පමණකැයි ද , ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්රික් සංවිධායක හා හිටපු ඇමැති සිරිපාල ගම්ලත් මහතා ‘ලංකාදීප’ යට අද(25) පැවැසීය.