IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘සහරාන් හා නොමැති සම්බන්ධකම් මතු කිරීමට පිරිසක් උත්සහ කරනවා‘‘

(චමිල් රූපසිංහ)

පාස්කු ප්‍රහාරයට අදාළව පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සහරාන් හා නොමැති සම්බන්ධකම් මතු කර පෙන්වමින් තම දේශපාලන දිවිය විනාශ කිරීමට පිරිසක් උත්සහ කරන බවත් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශයක් කරන බවත් රවුෆ් හකීම් මහතා මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවී අද (22) පැවසීය.

ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දීමට තීරණය කිරීමත් සමඟ සහරාන් සමඟ සම්බන්ධකම් ඇති බවට මතු කර පෙන්වන බව  මල්වතු මහ විහාරයට පැමිණ රවුෆ් හකීම් මහතා අද (22) පස්වරුවේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක පැවසීය.

තමන් කිසිඳු ලෙසකින් සහරාන් සමඟ ආශ්‍රයක් නොතිබුණු බවත් 2015 මැතිවරණයෙන් පසු කාත්තන්කුඩියේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා තුවාල ලැබූවන් හා හානිවූ දේපොළ පිළිබඳ සොයා බැලීමට තමන් එහි ගිය අවස්ථාවේ ලබාගත් ඡායාරූප වලට වැරදි අර්ථ කතනයක් ලබා දෙමින් පිරිසක් දේශපාලන වාසි ගැනීම පිණිස තමන්ට එරෙහිව කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් පවතින බවත්  මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් දැනුවත් කරනු ලැබීය.

රෝහලට  ගිය අවස්ථාවේ තුවාලකරුවන් අතර මෙම පුද්ගලයාද සිට ඇති බවත් තමන් ඔහු කවුද කියා දැන නොසිටි බවත් වසර 25 ක දේශපාලන දිවිය තුළ තමන් සෑම විටම අන්තවාදය ප්‍රතික්ෂේප කළ බවත් අද මෙම කුමන්ත්‍රණය දියත් කරන අයගේ පහත් වුවමනාවන් කිසිසේත් ඉටු නොවන බවත් රාවුෆ් හකිම් මහතා කීය.

තමන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ඉදිරිපත්  කිරීමෙන් ජනතාව ඇත්ත දැන ගන්නේ යැයි මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

 

 



අදහස් (0)

‘‘සහරාන් හා නොමැති සම්බන්ධකම් මතු කිරීමට පිරිසක් උත්සහ කරනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site