(නිමල කොඩිතුවක්කු)
ජාතික ආරක්ෂාව වෙනුවෙන් බලය ඉල්ලා සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධය පැවති සමයේ මඩකළපුව ආඥාපති ලෙස කටයුතු කරමින් සිටියදී යුද්ධයට බියෙන් ඇමරිකාවට පලා ගිය බව කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පැවැසීය.
ජනතා අප‍්‍රසාදයට ලක්ව 2015 දී බලයෙන් පහ කෙරුණු රාජපක්ෂවරුන් ජාති වාදි, ආගම් වාදී භේද වපුරා බෝම්බ පුපුරවමින් යළි බලය ගැනීමේ උත්සාහයක නිරත වී සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (9) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා මෙසේද කීවේය.
‘‘පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඉල්ලා අසුවූ බව මාධ්‍ය වාර්තා පළ වුණා. පිවිතුරු හෙළ උරුමයේ පැවති සාකච්ඡාවකදී ඒ අය සහයෝගය දෙන අපේක්ෂකයා ජයග‍්‍රහණය කළාට පස්සේ මේ රටේ අනෙකුත් ආගම්වල ජනතතාවට කරන්න යන අඩත්තේට්ටම් පිළිබඳ ඒ අයගේ පටිගත කළ සාකච්ඡාවක වීඩියෝවක් පිටව ගොස් ඇති නිසා මධුමාධව මහතා ඉල්ලා අස්වී ඇති බව අපිට වාර්තා වුණා.
බැටලූ හම පෙරවගත්තට මේ අය කොහේ ගිහින් හැංගිලා හිටියත් වෘකයා, වෘකයාම තමයි. මේ වීඩියෝවෙන් ඒ අයට ලොකු- අවාසියක් වෙයි කියලා හිතලා දැන් බොරුවට අස්වෙලා තියෙනවා. මේ අය 2015 ට පෙර කළෙත් මේ දේවල්මයි. මේ අය 2020 ජයග‍්‍රහණය කළොත් රටට අබ සරණයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ.
අපේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා මේ වනවිට මුළු රටටම ආදර්ශයක් දීලා ඉවරයි. මධ්‍යම සංස්කෘතික අරමුදලින් සජිත් පේ‍්‍රමදාස මහතා විශාල වැඩකොටසක් කළා. දහම් පාසල්, වෙහෙර විහාර, බෞද්ධ සිද්ධස්ථාන විශාල ප‍්‍රමාණයක් එතුමා ඉදි කළා. බෞද්ධ ශාසනය වෙනුවෙන් අපි ගෙන ගිය මේ වැඩපිළිවෙළ රටට, ජාතියට, ආගමට මෙච්චර ආදරේ රාජපක්ෂලා දින 52 ආණ්ඩුවේදී නැවැත්තුවා.
රටට, ජාතිය, ආගම වෙනුවෙන් කැපවෙන පිරිසිදුම අපේක්ෂකයා තමයි අපේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා. වෙනත් ආගමිකයන්ටත් එතුමා පිළිබඳ සම්පූර්ණ විශ්වාසය තැබිය හැකියි. මේ වගේ රටට ආදර්ශමත් පුද්ගලයෙක් අපි අද රටේ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා.
අනික් පැත්තෙන් කියනවා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ පත් කරගන්නවලූ. ඔය කියන පුද්ගලයා අවුරුදු 30ක් තිබුණ යුද්ධයේදී මඩකලපුව බාර ආඥාපති. වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා යුද්ධය දාලා ගිහින් ඇමෙරිකාවේ නතර වුණා. දැන් කියනවා ජාතික ආරක්ෂාව වෙනුවෙන් මට රට බාර දෙන්නලූ.
2015ට පෙර පැවති ඒ තිර නාටකයමයි, ඒ අධ්‍යක්ෂනයමයි, ඒ නලූවමයි මෙවරත් එන්නේ. ඒ නිසා මේ අය පත් වුනොත් 2015ට පෙර තිබූ තත්වයේ දිගුවක් දැකගන්න ලැබේවි.
යළිත් බෝම්බ බියක් ඇති කර මේ අය වාසි ගන්න හදනවා. ජාතකි වාදි ආගම් වාදී භේද හදලා බෝම්බ පුපුරලවලා මේ අය අද දේශපාලන වාසි ගන්න හදනවා. ජනතාව මේ ගැන අවදියෙන් සිටිය යුතුයි. ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේදී කරුණාකරලා රට වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන් හිතලා තීරණයක් ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගෝඨාභය යුද්ධයට බයේ ඇමෙරිකාවට පළා ගිය බව රවීන්ද්‍ර කියයි