(ශාන්ත සෙනෙවිරත්න)
“මේ දිනවල වැඩිපුර කතාවෙන කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුයි. ලැබී තිබෙන තොරතුරු අනුව ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන අපට සතුටුවිය නොහැකි” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද(29) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා එසේ පැවසීය.
ඔහු මෙසේද කීය.
“කොරෝනා වෛරසය ගැන රටේ තිබෙන බිය සැක තවමත් පහව ගිහින් නැහැ. රෝගියෙක් හමුවෙලා කියනවා. මේ රෝගියා ආ ගිය තැන් ඇසුරු කළ අය සොයන්න අවශ්‍යයි. වෛරසය පැතිරයාම වළක්වන්න මීට වඩා සක්‍රීය දායකත්වයක් අවශ්‍යයි.
සේවක අර්ථසාධක අරමුදල තිබෙන්නේ මහබැංකුව බාරයේ. ඒ මුදල් ආයෝජනය කිරීම ගැටලුවක් නොවේ.නමුත් මේ මුදල් ආයෝජනය කරන්න ගිහින් විශාල පාඩුවක් සිදුව තිබෙනවා. අක්‍රමිකතා වෙලා. මේ රටේ වැඩකරන ජනතාවගේ මුදල් මෙහෙම හිතුමතේ භාවිතකරන්න බැහැ. 2015 වසරේ බැඳුම්කර ගනුදෙනු සිදුවෙලා තිබෙනවා. වංචා දූෂණ සිදුව තිබෙනවා. ඒ ගැන හොයන්න ඕනෑ. වැරදි කළ අයට දඬුවම් දෙන්න ඕනෑ. හොරකමක් ගැන දැනගන්න කලින් කියන්නේ කොහොමද? ඒ ගැන කලින් කියන්න කලින් නිවැරදි තොරතුරු හොයාගන්න ඕනෑ. අපි කෝප් කමිටුව මගින් මේ ගැන කිව්වා.
ජේ.වී.පී.යේ කවුරු ළඟවත් කළු සල්ලි නැහැ. පක්ෂ අරමුදලෙත් නෑ. අවශ්‍ය නම් ගිණුම් පරීක්ෂා කර බලන්න. ආදායම් මෙන්ම වියදම් කරන ආකාරයත් බලන්න පුලුවන්. ඔය සමහරු නගන චෝදනා අපි පිළිගන්නේ නෑ.
රජය විශ්‍රාම වැටුප් වැඩිකරනවා කිව්වට තවම දුන්නේ නැහැ. මුදල් නෑ කියනවා. ආණ්ඩුවේ බලය මදි කියනවා. මේවා බොරු කතා. පරිපූරක ඇස්තමේන්තුවවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අවශ්‍ය මුදල් ගන්න ආණ්ඩුවට බැරිකමක් නෑ. රටේ වැටුප් විෂමතාවයක් තිබෙනවා. එය විසඳන්න අවශ්‍යයි'' යැයිද කීය.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්
පුරා දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා අද (25) පැවැ
තිරිංග අක්‍රයවීමත් සමඟ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලංගම බසයක් වියානා ඇළ දෙසට ධාවනය වෙද්දී එහි රියැදුරා අසල වේල්ලක ගැටීමට සලස්සවා බසය නවතා ගැනීමෙන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’කොරෝනා ව්‍යාප්තවීම වළක්වන්න රජය මීට වඩා ක්‍රියාත්මක විය යුතුයි’
Ratna P Wednesday, 29 January 2020 11:26 PM
ඔයාට දිව දෙකක් තියනවා කියලා මට හිතෙනවා...
Sam Thursday, 30 January 2020 02:47 AM
ඔයාලව කවදාවත් සතුටු කරන්න බෑ... ඔයාලා සතුටු වෙන්නේ රනිල් සතුටු වුනොත් විතරයි.. පක්ෂය වහලා ගෙදරට වෙලා ඉන්න කාටහරි කරන්න ඉඩ දීලා ඔයාලා ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ... ජනතාව එපා කිව්වම ආයිත් එනවා බලෙන් ප්‍රශ්න විසඳන්න... ලාජ්ජා නැද්ද?
Shantha Friday, 31 January 2020 10:57 PM
3% ගත්ත ලෝක හොරෙක් රට ගැන කතා කරනවා. පුංචි අම්මගෙන් අහල වෙන්න ඇති ඕක කියන්න ඇත්තේ.
dilan Monday, 03 February 2020 03:17 AM
කවදාවත් කාගෙවත් හොදක් නොදකින, තමන්ගේම ආත්මලාභය පමණක් සිතන කුහකම නායකතුමා.
Bamunuarachchi Monday, 03 February 2020 04:05 AM
මෙයත් කොරෝනා චක්‍රවර්ති කෙනෙක් වගේ