IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘එජාපය අසත්‍ය ප්‍රචාර පතුරවන්න අරන්’

(මොහොමඩ් ආසික්)
 
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ - හය තුළ අහේතුකව අසත්‍ය ප්‍රචාර පතුරවා ඒවා මාධ්‍ය හරහා මුදාහැරීමට  පියවර ගෙන ඇතැයි දැන ගන්නට ලැබී ඇති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(08) කීය.
 
මැණික්හින්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා එසේ කීය.
 
මෙහිදී තවදුරටත්  අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද කීය.
 
“ප්‍රබල  අමාත්‍යවරයෙකු  තවත්  කීපදෙනෙක් සම්බන්ධ කර ගෙන ජනපතිවරණය සම්බන්ධයෙන් මඩ ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ආරංචි වෙලා  තියෙනවා. ඒවා ඉදිරි දින පහ - හය තුළ ඉතා ප්‍රබලව සමාජ මාධ්‍ය හරහා සහ අනෙකුත් මාධ්‍ය හරහා ඔවුන් ක්‍රියාත්මක  කරන්න බලාපොරොත්තු වෙනවා. අසත්‍ය පුවත් ව්‍යාපාරයක් දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට රටේ ජනතාව  උත්තරයක් හොයන්න ඕන. මඩ ව්‍යාපාරයක් ඕන වෙන්නේ ගොඩින් ඇවිත් බැරි නිසයි.  මේ වනවිට ඕනෑම  එක්සත් ජාතික පාක්ෂිකයෙකුගෙන්  ඇහුවොත් කියන්නේ 50ට 50 වගේ නේද තියෙන්නේ කියලයි. ඔවුන්ට කියන්න බෑ ඔවුන්ගේ අපේක්ෂකයා පරාදයි කියලා. ඔවුන්ට කියන්න පුළුවන් හොඳම විදිහ තමයි කරට කර වගේ නේද කියලා. කරට කර නේද කියල කියන්නේ අපේ එකා පරදිනවා කියලා කියන්න බැරි නිසයි. අපි නම් බොහොම් පැහැදිලිව කියනවා 57% ත් 59%  ත් අතර ඡන්ද ප්‍රමාණයක් අර ගෙන ලක්ෂ 12 සිට 16 ක් දක්වා වැඩි ඡන්දයකින් නියත වශයෙන්ම ගෝඨාභය  රාජපක්ෂ මැතිතුමා ජය ගන්නවා කියලා.
 ඒ නිසා ඔවුන් මේ වන විට දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙනයමින්  ඉන්නවා. සුළු ජාතීන්  ඉලක්ක කර ගෙන විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සහරාන්ගේ බිරිඳ ගෙනල්ලා  සහරාන් එක්ක තිබුණ සම්බන්ධකම් කියලා ප්‍රකාශ කරන්න සූදානම් වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා  සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරෙන් මේ මඩින් යන වැඩපිළිවෙළ මේ රටේ ජනතාවගේ බුද්ධියට කරන අගෞරවයක්.  ඒ නිසා හිතන්න එපා මඩ ප්‍රහාර එල්ල කරලා මේ රටේ ජනතාව මුලා කරන්න පුළුවන් කියලා.  බොහොම පැහැදිලිව අපි කියනවා අපි සුදානම්  ඒ මඩ ප්‍රචාරත් එක්ක මේ රටේ ජනතාවට මුහුණ දෙන්න.
 

ඒ නිසා ඔවුන් මේ වන විට දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙනයමින්  ඉන්නවා. සුළු ජාතීන්  ඉලක්ක කර ගෙන විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සහරාන්ගේ බිරිඳ ගෙනල්ලා  සහරාන් එක්ක තිබුණ සම්බන්ධකම් කියලා ප්‍රකාශ කරන්න සූදානම් වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා  සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරෙන් මේ මඩින් යන වැඩපිළිවෙළ මේ රටේ ජනතාවගේ බුද්ධියට කරන අගෞරවයක්.  ඒ නිසා හිතන්න එපා මඩ ප්‍රහාර එල්ල කරලා මේ රටේ ජනතාව මුලා කරන්න පුළුවන් කියලා.  බොහොම පැහැදිලිව අපි කියනවා අපි සුදානම්  ඒ මඩ ප්‍රචාරත් එක්ක මේ රටේ ජනතාවට මුහුණ දෙන්න.
 
දෙමළ සන්ධානය ඊයේ සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙනව කියලා කිව්වා. මෙන්න තියෙනවා කොන්දේසි මාලාව. මේ කොන්දේසි මාලාව දිහා බැලුවහම  යුද සමයේ මාධ්‍ය ප්‍රකාශක වෙලා හිටිය මට  හරි දුකක් කනගාටුවක් ඇති වෙනවා. රණවිරුවන් 30,000 කට වැඩිය ජීවිතය පූජා  කළා. තවත් 30,000 කට ආසන්න ප්‍රමාණයක්  අත පය අහිමි කර ගත්තා. ඒ කාලයේත් ප්‍රභාකරන් තුවක්කුවෙන්  බලාපොරොත්තු  වුණේ  මේකටත්  අඩුවෙන්.  විශ්වවිද්‍යාල ප්‍රජාව ප්‍රකාශ කරනවා මාස තුනක් ඇතුළත මේවා ඉෂ්ඨ කරන්න ඕන කියලා.
 
ඊයේ සම්බන්ධන්  මහතා පාර්ලිමේන්තුවේදී  කළ කතාවේදී  මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම කියලා මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න එපා කියලා මේක බලනකොට  අපිටම පුදුම හිතෙනවා.  මේ වගේ වැඩපිළිවෙළකට සජිත් ප්‍රේමදාස එකඟ වෙන්නේ කොහොමද කියලා මේක කිව්වහම අපිට ජාතිවාදීන් කියලා කතන්දරයක් කියයි. නමුත් අපේ ජාතිවාදය සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර්,  මැලේ සියලු දෙනා එක්ව ජීවත් වීමයි. සංහිඳියාව කියන වචනය පාවිච්චි කළත් තමුන්නාන්සේලා සංහිඳියාව දැක්කේ නෑ. සංහිඳියාව නරක දේවල්වලට පමණක් සීමා වුණ කාලයක් තිබුණා. මේ රට කෑලි කෑලි කඩල දෙන්න රටට අහිතකර ගිවිසුම් හදලා මේ රටේ භූමිය අවදානමකට ලක් කරන්න අපි සූදානම් නෑ. 16වනදා ඒ වැඩපිළිවෙළ පරාජය කරන්න ජනතාව බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි නැවත ඉල්ලා සිටිනවා අපිත් එක්ක සටනට මඩින් එන්න එපා ගොඩින් එන්න. අපේ සටන බොහොම පිරිසිදු පැහැදිලි අලුත් රටක් නිර්මාණය කරන්න හොඳට තිබුණ  රටකට අද වෙච්ච දෙයක් කියන සටන් පාඨය අද වලංගු  වෙලා තියෙනවා.  ඒකීය කියන සංකල්පය සිංහලෙන් දාලා තියෙනවා සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ. නමුත් සම්බන්ධන් මහතා  පැහැදිලිවම පාර්ලිමේන්තුවේ  කියනවා එක්සත් රටක් කියලා. මේ කනගාටුදායක තත්වයෙන් රට මුදවා ගන්නට අපි කටයුතු කරනවා කියන එක කියන්න ඕන” යැයිද මන්ත්‍රීවරයා මෙහිදී කීය.


 



අදහස් (0)

‘එජාපය අසත්‍ය ප්‍රචාර පතුරවන්න අරන්’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28508 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18198 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10994 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 682 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site