(මුදිතා දයානන්ද)
දෙමළ බෙදුම්වාදීන් යුද සමයේ ආයෝජනය කළ ව්‍යාපාරවලින් තවමත් ලාභ ලැබෙනවා. ඒවා යොදවා ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ දේශපාලඥයින් මිලදී ගන්නවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ඇතැම් රටවල් හැසිරෙන්නේ ඒ බලපෑම් අනුව යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී ඔහු මෙසේද පැවසීය.
‘‘අපි බෝලය දැම්මා පහර දෙන ආකාරය ඔවුන් තීරණය කරන්න ඕන. මේ කතා දෙමළ බෙදුම්වාදීන් ප්‍රචාරය කළ දේවල්. විදේශීය සඟරාව සඳහන් වෙනවා දෙමළ බෙදුම්වාදීන් ආයෝජනය කළ විවිධ ව්‍යාපාරවලින් ඔවුන්ට මුදල් ලැබෙන ආකාරය. යුද්ධය නැවතුනත් මේ ආදායම් මාර්ග නැවතිලා නැහැ. ඒවා යොදවා ඔවුන් දේශපාලනඥයින් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මිලදී ගන්නවා. එහෙම තමයි මේවා කරන්නේ. දැන් මේ රටවල් හැසිරෙන ප්‍රතිචාර දක්වන ආකාරය අනුව බලන්න පුලුවන් දෙමළ බෙදුම්වාදීන්ගෙන් ඔවුන්ට ඇතිව තිබෙන බලපෑම කෙබඳුද කියලා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට 2015 දී ඉදිරිපත් කළ යුද සමයේදී ලංකාවේ මානව හිමිකම් කඩ කර ඇති බවට වන චෝදනා ඇතුළත් යෝජනාවලියට ලංකාව සම අනුග්‍රහකත්වය දැක්වූවා. එයින් අපට ඉදිරිපත් කළ චෝදනා සියල්ල පිළිගත්තා හා සමාන වෙනවා.
එහි සඳහන් කරුණු ඉටුකරන ලෙස හා එම ක්‍රියාවලියේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කොමිසමේ 46 වන සැසියට ඉදිරිපත් කරන ලෙස වන යෝජනාවටද ලංකාව සම අනුග්‍රාහකත්වය දක්වා තිබෙනවා. අපි දැන් ඉවත්වන්න යෝජනා කර තිබෙන්නේ එම දෙවන යෝජනාවෙනුයි. එයට තාක්ෂණික ගැටලු සේම හරයාත්මක සාධකද ඉදිරිපත් කරන්න අපිට පුලුවන්.
අපේ හමුදා යුද අපරාධ නොකළ බවට යුද සමයේ සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ නිත්‍ය නියෝජිත හා එක්සත් රාජධානියේ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරී සැකසු වාර්තාවලින් පැහැදිලි වෙනවා.
හතලිස් දහසක් මැරුණ බව කියනවා. නමුත් නාම ලේඛනයක් නැහැ. එක්කෝ ඒ අයගේ මිනි හමුවෙන්න ඕන. නැත්නම් වළදාපු තැනක් තියෙන්න ඕන. ඒ කිසිම සාක්ෂියත් නැහැ. ඒ නිසා මේක හිතලුවක් පමණයි. අතරුදන් බව කියන ඇතැමුන් සරණාගතයින් ලෙස විදේශ රටවලට ගිහින් තිබෙනවා.
ජීනිවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් මේ රටේ ජාතික සමගිය බිඳ වැටුණා. සංහිඳියාව නැතිව ගියා. ඒ බව පසුගිය ජනාධිපතිවරණයෙනුත් පෙන්නුම් කෙරෙනවා. සිංහල ජනතාවගෙන් සියයට හැත්තෑවක් අපේ අපේක්ෂකයා තෝරා ගන්නා විට දෙමළ ජනතාවගෙන් සියයට අසූපහක් ප්‍රතිවාදි අපේක්ෂකයා තෝරාගෙන.
මේ විනාශකාරි වැඩපිළිවෙල දිගට ගෙනියන්න ඉඩ දෙන්න බැහැ. ඒ නිසයි මේ යෝජනාවෙන් ඉවත් වෙන්න තීරණය කළේ.යැයි ඒ මහතා පැවසීය.
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘බෙදුම්වාදීන් මුදල් යොදවා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් - දේශපාලඥයින් මිලදී ගන්නවා‘‘