IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


සජබෙ මුල් පුටු පෙරළෙයි?

(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ හයක් එක දිගට පරාජයට පත්ව ඇති හෙයින් ආසන සංවිධායකවරුන් මාරු කිරීමට පෙර පක්ෂය ආරම්භයේ සිට කටයුතු කළ නිලධාරීන් සහ නායකයන් වහාම වෙනස් කරන්නැයි ආසන සංවිධායකවරුන් පිරිසක් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් දස දෙනෙකු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පෞද්ගලිකවම හමුවී දැඩිව ඉල්ලීමක් කර ඇත.

එසේ වෙනස්කර ජනතා ආකර්ෂණීය පුද්ගලයන් එම තනතුරුවලට පත් කරන්නැයිද ඔවුහු ඉල්ලා සිටිති.

සමග ජන බලවේගය එක දිගට ජනාධිපතිවරණ දෙකක් මහ මැතිවරණ තුනක් හා පළාත් පාලන මැතිවරණයත් පරාජයට පත්ව ඇති හෙයින් එම මැතිවරණ පරාජයන්ට ආසන සංවිධායකවරුන්ට පමණක් චෝදනා එල්ල කිරීම අසාධාරණ බව පෙන්වාදී ඇති එම නියෝජිතයන් පක්ෂ නිලධාරී මණ්ඩලය කඩිනමින් වෙනස් නොකළහොත් ඉදිරි මැතිවරණද පරාජයට පත්වීම නොවැළැක්විය හැකි බව ප්‍රකාශ කර ඇත.

ඔවුන් පක්ෂ නායකත්වයට මෙසේ දැඩිව ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ පරාජයට වගකිවයුතු බව පවසමින් සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් පිරිසක් ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය.

පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ නම් මහ මැතිවරණයෙන් මීට වඩා ලොකු ආසන ප්‍රමාණයකට ගමන් කිරීමට හැකියාව ලැබෙන බවත් එම ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු දේශපාලන පක්ෂ සමග පුළුල් සන්ධානයකට යොමු වූයේ නම් ලොකු ජයග්‍රහණයකට යෑමට අවස්ථාව තිබූ බවද ඔවුන් පෙන්වා දී ඇත.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාර දුන් මුල් අවස්ථාවේදී විපක්ෂ නායකවරයා වශයෙන් භාරගත්තේ නම් එසේ කරන වැඩ කොටස තුළින් යම් නමක් හදා ගැනීමට හැකියාව තිබූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ විස්සක ඡන්ද පදනමකට ගියේ රට බාර ගැනීමෙන් යම් නමක් හදා ගැනීම නිසා බවද සඳහන් කර ඇත. විපක්ෂ නායකවරයාට රට භාර ගැනීමට ආරාධනා කළ අවස්ථාවේදී පක්ෂයේ සිටින ඇතැම් ආර්ථික ඔස්තාර්ලා මේ අවස්ථාවේදී භාර නොගන්නැයි පවසමින් ඔහු අධෛර්යමත් කළ බව පැවසූ ආසන සංවිධායකවරු සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ පක්ෂය ආරම්භයේ සිට මේ දක්වාම කටයුතු කරන නායකයන් සහ නිලධාරීන් වහාම වෙනස් කර නිර්මාණශීලී අදහස් ඇති තරුණ නියෝජිතයන් එම පුටුවලට පත් කළ යුතු බවද පෙන්වාදී ඇත.

 



අදහස් (10)

සජබෙ මුල් පුටු පෙරළෙයි?

රුවන් Saturday, 12 July 2025 09:38 AM

හෙට අනිද්දා දින්න ප්‍රාදේශිය සභා ටිකත් ස්වාධීන වෙයි වගේ. තියෙන නම්බුවත් සජබයට නැතිවෙන ලකුණු.

:       1       4

Perakum Saturday, 12 July 2025 10:48 AM

පුටු පෙරලුවාට ජනමතය නොපෙරලෙන බව සජබය නොදන්නා බව පෙනේ. කමක් නෑ ඔහොම යනකොට තේරෙයි.

:       2       7

ගුණරත්න Saturday, 12 July 2025 11:08 AM

ඔය පක්ෂයේ නායකයා තමයි ප්‍රශ්නය, සජිත් කියන්නේ ෆේල් නායකයෙක් වෙන්න සුදුසු කෙනෙක් නොවෙයි. චන්ද්‍රිකා ජනාධිපති කාලේ සජිත් දේශපාලනයට අලුත දකුණු පළාත් සභා ඡන්දයට එන්න කියල ආරාධනා කල මොහොතේ මුන්නැහේ කිව්වා එහෙම කරන්නේ මගේ දේශපාලන අනාගතේ විනාශ කරන්න කියලා. එහෙම කියලා මග ඇරියා. ඊට පස්සෙත් වගකීම් ගන්න එන්න කිව්වාම ආවේ නැහැ. ඊට පසුව පක්ෂ නායකයා වෙන්න කුමන්ත්‍රණ කරලා එජාපය විනාශ කළා. දැන් අලුත් පක්ෂයක් අටවන් ගියත් පරණ අධිමාන්නය නිසාම එක දිගට පැරදෙනවා. ඉතින් සජිත් හරියන්නේ නැහැ පක්ෂ නායකකමට. ජෙබයියෝ චූන් වෙන්න ඕනෑ නැහැ මෙහෙම කිව්වාට...!

:       1       13

රනේ Saturday, 12 July 2025 11:26 AM

පුටු යට ඉන්න අය තැලේවි, පරිස්සමෙන්..

:       1       3

ලක් අම්මා Saturday, 12 July 2025 11:29 AM

පක්ෂයේ නායකයාටත් හරියට වැඩක් කරගන්න බැරුව අනික් අය ගැන මොන කතාද?

:       3       9

P.D goonawarene Saturday, 12 July 2025 11:53 AM

ඔය තිත්තව නම් වෙනස් කරන්න එපා...

:       0       3

විමල් Saturday, 12 July 2025 01:00 PM

පලමුවෙන්ම නායකයා වෙනස් කළ යුතුයි. මේ නායකයා සමග සජබෙට අනාගතයක් නැත.

:       2       13

m. saman perera Saturday, 12 July 2025 01:19 PM

සමගි ජනබලවේගය කැඳ හැලියක් වගේ... කවදාවත්ම බලයට එන්නේ නැහැ...

:       2       14

de silva Saturday, 12 July 2025 01:39 PM

මාරුකළ යුත්තේ නායකත්වය මිස වෙන කෙනෙකු නොවේ.

:       2       13

Neel Saturday, 12 July 2025 02:11 PM

සජිත්ව මාරු කරන්න එපා. තව අවුරුදු 10 ක්ම ඔහොම ඉන්න දෙන්න. මොකද අපිට මේ රට සංවර්ධනය කරගන්න කාලය අවශ්‍යයි. එතකොට අනුර දිසානායක ජනාධිපතිට හරි පහසුයි...

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 332 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 854 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1276 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site