(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකානු හමුදාව පෙරේදා(21) එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස මැද පෙරදිග රටවල් බොරතෙල් අපනයනය සඳහා භාවිත කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව ඊයේ(22) ඡන්දය භාවිත කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය වන අතර එය ලෝකයේ වැදගත්ම බොරතෙල් වෙළඳ නැව් මාර්ගවලින් එකකි.
හොමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 20 ක් ප්‍රවාහනය වන අතර එය ලෝක බොරතෙල් පරිභෝජනයෙන් සියයට 20 කි.
එසේම ද්‍රව වායුද අපනයනය වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් ඇතුළු ප්‍රධාන ගල්ෆ් නිෂ්පාදකයින්ගෙන් තෙල් අපනයනය අඩාල වනු ඇත.
තෙල් අපනයනය කිරීම සඳහා විකල්ප නළ මාර්ග තිබුණත් එම මාර්ගවලට හැසිරවිය හැක්කේ දිනකට බොරතෙල් බැරල් මිලියන 2.6 ක් පමණක් බවද ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකාව න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඊයේ (22) උදෑසන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවික හමුදාපති බ්‍රිගේඩියර් ජෙනරාල් අලිරේසා ටැංසිරි, පැය කීපයක් තුළ හොමුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර ඒ සමග ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90 සීමාව දක්වා ඉහළ ගියේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 120 ත් 150 ත් අතර මිලක් දක්වා ඉහළ යනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දී ඇත.
ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට ඉරානය දිරිමත් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චීනයෙන් ඊයේ(22) ඉල්ලීමක්ද කර ඇත.
චීනයද යැපෙන්නේ හොමුස් සමුද්‍ර සන්ධිය හරහා පැමිණෙන බොරතෙල් මත බැවින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට චීනය ඉරානය දිරිමත් කළ යුතු යැයි රූබියෝ එහිදී ප්‍රකාශ කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් රටවල් රැසකට හානි වනු ඇති බවත් එය ආර්ථික සියදිවි නසා ගැනීමක් වනු ඇති බවත් රූබියෝ පැවැසුවේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අවසරය ලබා දුන්නත් අවසන් තීරණය ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය මත වන අතර එම කවුන්සිලයද පාර්ලිමේන්තුවේ තීරණය අනුමත කළ හොත් ඉන්දියාව ඇතුළු රටවල් රැසක ඉන්ධන මිලට එය බලපෑමක් එල්ල කරනු ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමයි
ගුණරත්න Monday, 23 June 2025 07:39 AM
මෝඩ යක්කු. තෙල් නිධියක් උඩ ඉඳගෙන ඒකෙන් නියම පල ප්‍රයෝජන ගන්නේ නැතිව, අන්තවාදයෙන් උමතු වෙලා මිනිස්සු බිල්ලට දෙන හැත්තක්. ඔහොම ගොන්කම් අනුමත කරන ජනතාවකුත් ඉන්නවා නම් ඒ වගේ රටක් හැමදාම වල පල්ලේ තමයි.
randil dunuwille Monday, 23 June 2025 08:15 AM
ඇමරිකාවට සහ ට්‍රම්ප්ට හුරේ දාපු අයට එහෙන් තෙල් ලැබෙනවා.
Anura Monday, 23 June 2025 08:31 AM
ඔන්න ඉතින් ඒපාර ඉරාන කාරයෝ නියම ත්‍රස්තවාදීන් විදිහට හැසිරෙන්න පටන් අරන් , මේක වැහුවහම ඒක ඊශ්‍රාලයටවත් වත් ඇමරිකාවට වත් බලපෑමක් නැහැ ,ඒකේ සම්පූර්ණ බලපෑම එන්නේ කොහෙවත් ඉන්න ආසියාවේ රට වලට
අරවින්ද මොණරවිල Monday, 23 June 2025 09:08 AM
තවම හෝමුස් සමූද්‍ර සංධිය වසා දමා නැහැ, ඒ සදහා ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා පමණයි !
රටරටවැසියා Monday, 23 June 2025 10:14 AM
මේ ප්‍රවෘත්තිය සත්‍ය නැහැ තවම, ඉරාන පාර්ලිමේන්තුව ඉරාන නායකයට එවැන්නකට බලය දීම පමණයි මෙතෙක් කර ඇත්තෙ. ඒක එහෙම නොවෙන්න පුළුවන් . චීනයෙ බලපෑම මත ,එසේම ඉරානයටත් ඒක වාසි නැහැ.එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරමු.
යෝගා Monday, 23 June 2025 10:35 AM
අනුරට බැරිද දන්නෑ ඉරානයට ගිහින් ඔවුන්ව හිනස්සලා ප්‍රශ්නය විසඳලා දාන්න.
අරවින්ද මොණරවිල Monday, 23 June 2025 11:01 AM
ඒකට නියම සුදුස්සා ඔයාගේ සිලින්ඩර සීයා.......
දොස්තොර පාංදෙණියේ Monday, 23 June 2025 11:01 AM
ගෙදරදීම පැට්‍රල් ඩීසල් හදාගන්න ක්‍රමයක් කියලා දෙනවා කුණුහබ්බෙන් බනින්නෙ නැත්තං.