IMG-LOGO

සැමියාගේ උදලු පහරින් බිරිය මරුට

(දිනේෂ් උපේන්ද්‍ර)

කුලියාපිටිය වල්පිටගම ජයකොඩිවත්ත ප්‍රදේශයේ නිවසකදී වයස අවුරුදු 45 ක කාන්තාවකට සැමියා එල්ල කළැයි කියන උදලු පහරින්  එම ස්ථානයේම කාන්තාව මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.

බීමතින් සිටි බව කියන සැමියා හා බිරිඳ අතර ඇතිවූ බහිම්බ ස් වීමක් දුරදිග ගොස් අදාළ සැමියා නිවස පිටුපස වැසිකිළිය අසලදී එසේ උදල්ලෙන් පහරදී ඇතැයිද පොලිසිය කියයි.

සිද්ධිය හේතුවෙන් මියගොස් තිබුණේ ඩී එම් චන්ද්‍රලතා නැමැති 45 හැවිරිදි එක් දරු මවකි.

ඇය ඇඟලුම් සේවිකාවක් වූ අතර අදාළ සැකකාර සැමියා ස්ථිර රැකියාවක් නොකළ බව ප්‍රදේශවාසීන් කියයි.

කාන්තාවගේ මුහුණ හඳුනාගත නොහැකි මට්ටමින් උදලු පහර එල්ලකර තිබූ සැකකාර සැමියා නිවස ඉදිරිපිටදීම අත්අඩංගුවට ගැනීමට කුලියාපිටියට හැකිව තිබිණ.

කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් අනූෂා ස්වර්ණමාලි මහත්මිය එහි මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකළ අතර මෘත දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂ්ඥ අධිකරණ වෛද්‍ය නිළධාරියා වෙත යොමුකරන්නැයි එහිදී නියෝග කෙරිනි.

 



අදහස් (7)

සැමියාගේ උදලු පහරින් බිරිය මරුට

Pradeep Kumara Monday, 09 June 2025 02:29 PM

ස්ථිර රැකියාවක් නොකර බිරිඳගෙන් යැපුණු කාලකන්නි මිනිහා අන්තිමට බිරිඳත් මරලා දැම්මා...

:       0       31

උධුලි රත්නායක Monday, 09 June 2025 02:34 PM

බීපූ, අසිහියෙන් ඉන්න මිනිස්සු එක්ක මොන කතාද? ඒ වෙලාවට කට වහගෙන පාඩුවේ ඉන්න ඕනේ... සිහියෙන් ඉන්න වෙලාවට ප්‍රශ්නය කතාකරලා විසඳාගන්න උත්සාහ කරන්න. ප්‍රශ්නයක් හරියට විසඳාගන්න කට වගේම මොලේත් ඕනෑ. ඔබතුමියගේ ඉවසීම නැතිකමින් අර වටිනා තරුණ ජීවිතය ඉතිරි කාලය සිරගෙයක ගෙවන්න වෙයි. පව් ආසරණයා. .... ඔබතුමියට නිවන් අවබෝධ වේවා...!

:       18       9

Bunny Preena Monday, 09 June 2025 02:59 PM

මොන යම්ම හේතුවක් නිසා තව කෙනෙකුගේ ජීවිතයක් නැති කිරීමට කාටවත් කිසිම අයිතියක් නැහැ. ගැහැණියගෙන් පිනට කකා බිබී ඉන්න අයගේ හැටියක්ම තමයි මේක... එයාට නිවන් සුව පතමි.

:       1       10

Nihal Monday, 09 June 2025 03:11 PM

අනියම් සම්බන්ධකම් පවත්වන කාටත් හොඳ පාඩම්...!

:       12       1

රම්බොඩ Monday, 09 June 2025 04:06 PM

විවාහ වන්නට පෙර පිරිමින් ගැන කාන්තාවන් ඉතා සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම පිරිමියාගේ ඇඟපත හෝ මුදල් හදල් , අධ්‍යාපනයට වඩා ඔහුගේ ප්‍රජනනය ගැන සැළකිලිමත් විය යුතුයි. තරුණ ළමයිට මේක විශේෂයි.පිරිමියාගේ පෞර්ෂත්වය කියන්නෙ කාන්තාවන් පෙළීම නොව රැක බලා ගැනීමයි. ධර්මාණුකූලව නම් කර්ම කර්ම ඵල අනුව ඇතැම් දේ වළකා ගත නොහැක.

:       0       1

prasanna Monday, 09 June 2025 04:20 PM

මුළු රටේම ලේ වැගිරීමක් සහ මිනී මැරුම්. 88 සහ 89 පසුව ජනතාව අත්විඳිනා අඳුරු යුගය අපි සැමෝම ගෙවමින් සිටිනවා.

:       3       1

රුවන් Monday, 09 June 2025 05:14 PM

ප්‍රසන්න පොඩ්ඩක් ඇඟිලි සලකුණු වැටසටහන බලන්න. ඒ දවස්වල ලංකාවේ අය කරපු ධාර්මික වැඩ බලන්න පුළුවන්. ඔයා අවුරුදු 40ක් කොමා තත්ත්වයේද හිටියේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 677 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 363 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 505 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site