මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 වැඩසටහන 2025 මැයි මස 24 වනදා දිවයින පුරා විසිරුනු දුෂ්කර පාසල් 100 කට තම දායකත්වය ලබාදෙන ලදී. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පාසැල් දරුවන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර දීමයි. ව්‍යාපාරික අරමුණු වලින් ඔබ්බට ගොස් රටේ අනාගතය බාර ගන්න සිටින දුවා දරුවන් වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නිරන්තරයෙන් කැපවී සිටි.
2007 වසරේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය තුලින් මේ වන විට පාසල් 3,365ක් ප‍්‍රතිලාභ හිමි කරගෙන ඇත. එකම දිනයක් තුල දිවයින පුරා මෙම වැඩසටහන ක‍්‍රියත්මක කරන ලද අතර ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි කලාප, ප‍්‍රාදේශීය, ශාඛා කළමණාකරනය ඇතුලූ විකුණුම් බලකායද මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීමට තම දායකත්වය ලබා දෙන ලදී. මෙම විශේෂ වැඩසටහනට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සමුහ ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලූත්ගම මහතා ඇතුලූ ආයතනික කළමණාකාරීත්වය ද දිවයිනේ සිදුවූ විවධ වැඩසටහන් වලට සහභාගී විය.
‘පාසල් පිරියත සුරකිමු‘ ව්‍යපෘතිය යටතේ නොයෙකුත් වැඩසටහන් ක‍්‍රියාත්මක කරන ලද අතර ඉන් ප‍්‍රධාන තැනක් ගනු ලැබුවේ, පන්ති කාමර ප‍්‍රතිසංස්කරණය කිරීම, පිරිසිදු පානීය ජලය සැපයීම, පින්තාරු කිරීම සහ අලූත්වැඩියා කටයුතු, මේස සහ පුටු ප‍්‍රතිසංස්කරණය කිරීම සහ සිසුන්ට සහ පාසල් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමයි. මේ තුලින් ශ‍්‍රී ලංකාවේ අනාගත පරපුරට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ගේ පාසල් වල ප‍්‍රසන්න පරිසරයක් පවත්වා ගනිමින් ඔවුන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම ඉහළ නංවාලීම අරමුණු කරගෙන තිබේ.
මෙම වැඩසටහන ක‍්‍රියත්මක කිරීමට, දුෂ්කර පාසල් හඳුනාගැනීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ශේණිගත කිරීම් මත පදනම්ව සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප‍්‍රාදේශීය/ශාඛා කළමනාකරණය සම්බන්ධවී වඩාත් සුදුසු පාසල් මෙම කර්තව්‍ය වෙනුවෙන් තෝරා ගන්න ලදී.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සමාජ සත්කාර ක‍්‍රියාකාරකම් දැයේ දරුවන්ගේ අධ්‍යාපනය තුලින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම කෙරෙහි ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි. මේ යටතේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩසටහන් බොහොමයක් ක‍්‍රියාත්මක කර ඇති අතර ‘සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ප‍්‍රධාන තැනක් ගනී. මෙහිදී 5 ශේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග වලදී විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන්ට මූල්‍යමය ශිෂ්‍යත්ව පිරිනමන අතර මේ දක්වා රු. මිලියන 200 කට අධික වටිනාමකින් යුත් ශිෂ්‍යත්ව 1800ක් ඉක්මවා ප‍්‍රදානය කර ඇත. එසේම, ලෝක ළමා දිනය සැමරීම සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් ජීවිත රක්ෂණ ආවරණයක් අලූත උපන් බිළිඳුන්ගේ දෙමාපියන්ට නොමිලේ පිරිනමන ලදී.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, තම සමාජ වගකීම අවබෝධ කරගනිමින් රටේ සියලූ පුරවැසියන් වෙනුවෙන් සහ ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහල නැංවීමට සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරයි.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025