IMG-LOGO

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

2006 වසරේ සිට මේ දක්වා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 116.6 ක බෝනස් දීමනාවක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

 

 

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් ප‍්‍රකාශ කර ඇති අතර 2006 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 116.6 ක මුදලක් බෝනස් දීමනාව ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විසින් ශ‍්‍රී ලංකාවේ මෙතෙක් පැවති ඉහළම සහ විශාලතම ජීවිත රක්ෂණ ප‍්‍රසාද දීමනාව ප‍්‍රකාශයට පත් කරමින්, ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම ජීවිත රක්ෂකයා ලෙස රක්ෂණ ඔප්පුහිමියන් තබා ඇති විශ්වාසය තහවුරු කරයි. විවිධ ආර්ථික සහ සමාජීය අභියෝග මධ්‍යයේ වුවද, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය වත්කම් පදනම රු. බිලියන 238.6 ක් සහ ජීවිත අරමුදල රු. බිලියන 213.2, දක්වා ඉහළ නංවාගනිමින් ශක්තිමත්ම දේශීය රක්ෂණකරු ලෙස එහි තත්ත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් වී තිබේ. පාරිභෝගිකයන් වෙත ලබා දුන් පොරොන්දු ඉටු කරමින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දල වශයෙන් මාසිකව රු. බිලියනයකට අධික ප‍්‍රතිලාභ හිමිකම් ලෙස ගෙවනු ලබන අතර වාර්ෂිකව එය රු. බිලියන 12.9 ක් පමණ වේ. සමාගමේ ඉතා උසස් ආයෝජන කළමනාකරණ උපාය මාර්ග ක‍්‍රියාත්මක වන අතර ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් එහි රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ යහපැවැත්ම කෙරෙහි දක්වන කැපවීම තවදුරටත් අවධාරණය කරයි.

දශක 6 කට වඩා වැඩි ඉතිහාසයක් ඇති ආයතනයක් වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සෑම විටම තම ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට බැඳී සිටි. විවිධ අභියෝග මධ්‍යයේ වුවද තම පාරිභෝගිකයන්ගේ යහපැවැත්මට ප‍්‍රමුඛත්වය දීමට නිරන්තරයෙන් කටයුතු කර ඇත. ආයතනයේ විශිෂ්ඨ කළමනාකරණ උපාය මාර්ග සහ ව්‍යාපාර සංවර්ධනය සඳහා ලබාගත් ධනාත්මක ප‍්‍රවේශයේ ප‍්‍රතිපලයක් ලෙස 2024 වර්ෂය අති විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී. ආයතනය රුපියල් බිලියන 26.3 ක ජීවිත රක්ෂණ වාරික ආදායමක් (GWP) වාර්තා කළ අතර එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 25% ක ඉහල වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2024 දෙසැම්බර් 31 දිනට, නව ව්‍යාපාර ආදායම රුපියල් බිලියන 5.3 ක් ලෙස වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමත් වූ අතර එය 48% ක වර්ධනයකි. මෙය ආයතනයේ ඉතිහාසය තුල මෙතෙක් වාර්තා කළ වැඩිම නව ව්‍යාපාර ආදායම වේ.

පාරිභෝගික අවශ්‍යතාවයන් කේන්ද්‍ර කරගත් රක්ෂණ ආයතනයක් ලෙසින් නිරන්තරයෙන් වෙනස්වන තත්ත්වයන් සහ පාරිභෝගික අවශ්‍යතාවන්ට සරිලන පරිදි ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය සේවා සහ රක්ෂණ සැලසුම් අඛණ්ඩව නව්‍යකරණය කරන අතර එමඟින් නවීන රක්ෂණ විසඳුම් ලබා දෙන සැලසුම් හඳුන්වාදීම හරහා ප‍්‍රජාවන් ආරක්ෂා කිරීමට අඛණ්ඩව උත්සාහ කරයි.

පසුගිය වසර තුලදී තම පාරිභෝගිකයින් සඳහා වඩාත් කාලෝචිත රක්ෂණ සැලසුම් කිහිපයක් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හඳුන්වා දෙන ලදී. මේ අතරින් ‘Medi Champ’සහ ‘Value Max’ යන රක්ෂණ සැලූම් ප‍්‍රධාන ස්ථානයක් ගනී. Medi Champ සැලසුම් රක්ෂණ ආවරණය විශේෂ වන්නේ එම ආවරණය තුලින් ඔප්පු හිමියාගේ කලත‍්‍රයා, දරුවන්, දෙමව්පියන් සහ කලත‍්‍රය ගේ දෙමව්පියන් ද එකම ආවරණයට ඇතුලත් කර ගැනීමට ඉඩ කඩ සලසා තිබීමල විදෙස් රටක (ඇමරිකාව සහ කැනඩාව හැර* වුවද ප‍්‍රතිකාර ගැනීමට හැකියාව සලසා තිබෙන අතර බාහිර රෝගී සේවාව ආදී වියදම් ඇතුළු ප‍්‍රතිලාභ රැසක් ලබාදෙන මෙම ආවරණය, ඔප්පු හිමියාගේ සදාකාලික අබාධිත තත්ත්වයක දී ආවරණයේ ඉතිරි වාරික ගෙවීමෙන් නිදහස් කරනු ලබයි. Value Max රක්ෂණාවරණය තුලින් කෙටි කාලීන ආයෝජන හරහා වේගවත් මූල්‍ය ප‍්‍රතිලාභ අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්ට පහසුකම් සපයයි.

නව ජීවිත රක්ෂණ සැලසුම් හඳුන්වා දීමට අමතරව ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය පාරිභෝගිකයින් වෙත විවිධ ප‍්‍රතිලාභ ලබාදීමටද කටයුතු කරයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය Life Loyalty Rewards යෝජනා ක‍්‍රමය අඛණ්ඩව වැඩිදියුණු කර ඇති අතර, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට ඉහළ වටිනාකමක් ලබා දීම සඳහා ඔප්පු කාලසීමාව පුරාවට දීමනා සහ ප‍්‍රතිලාභ රැසක් භුක්ති විඳීම සක‍්‍රිය කර ඇත. එසේම ඩිජිටල්කරණය තුලින් පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සහ උසස් සේවා අත්දැකීම් ලබා දීම සඳහා නව තාක්ෂණ ක‍්‍රමවේදයන් හි ආයෝජනය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නිරන්තරයෙන් කටයුතු කරයි.

‘පියෙකු මෙන් මවකු මෙන්‘ යන සන්නාම පොරොන්දුව කේන්ද්‍ර කර ගනිමින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රටේ අභිවෘද්ධිය සඳහා නොයෙකුත් වැඩසටහන් ක‍්‍රියාත්මක කර ඇති අතර ඒ තුලින් මෙරට ජනතාව සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩසටහන් බොහොමයක් ක‍්‍රියාත්මක කර ඇති අතර ‘සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ප‍්‍රධාන තැනක් ගනී. මෙම වැඩසටහන තුලින් මේ දක්වා රු. මිලියන 200කට වඩා වටිනාමකින් යුත් මූල්‍යමය ශිෂ්‍යත්ව 1800ක් ඉක්මවා ප‍්‍රදානය කර ඇත. එසේම ලෝක ළමා දිනය සැමරීම සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් ජීවිත රක්ෂණ ආවරණයක් ලෝක ළමා දිනයෙදී උපත ලබන සියලූම දරුවන්ගේ දෙමාපියන්ට 2022 වර්ෂයේ සිට නොමිලේ ප‍්‍රදානය කිරීමට කටයුතු කර ඇත. ‘පාසල් පිරියත සුරකිමු‘ වැඩ සටහන තුලින් දරුවන්ට ප‍්‍රසන්න පාසල් පරිසරයක් ලබා දීම සඳහා අඩු වරප‍්‍රසාද සහිත පාසල් වලට යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කරන අතර මෙම වැඩසටහන තුලින් මේ දක්වා පාසල් 3365ක් ප‍්‍රතිලාභ ලබා ඇත. මීට අමතරව සංස්කෘතික පෙරහැරවල් සඳහා දායකත්වය ලබා දෙන අතර පොසොන් සමයේ අනුරාධපුර පුදබිමට පැමිණෙන වන්දනාකරුවන්ට සේවා සැපයීමට බැඳී සිටින අතර මෙම පුණ්‍ය කටයුත්ත සඳහා අවුරුදු තිහකට අධික කාලයක් පුරාවට තම දායකත්වය ලබා දී තිබේ.

පසු ගිය වසර තුලදී ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයට යුහුසුළුව ප‍්‍රතිචාර දක්වමින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍රික්කවල විපතට පත් පවුල් 1100කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට ද කටයුතු කරන ලදී.

පසුගියදා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් අඛණ්ඩව අටවෙනි වරටත් LMD විසින් ‘වඩාත්ම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙසින් පිදුම් ලැබීය. මෙමගින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සන්නාමයක් ලෙස මෙරට ජනතාව කෙරෙහි ඇති කරන බලපෑම, වෙළෙඳපොළ තුළ එහි ප‍්‍රබල පැවැත්ම සහ මෙරට ජනතාව කෙරෙහි වැඩි සංවේදනයක් පෙන්නුම් කිරීමට සන්නාමවලට ඇති හැකියාව තහවුරු කරයි.



අදහස් (0)

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 373 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 833 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site