(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඕනෑම දේශපාලඥයෙකුට ඇතුලුවන්නත් පුලුවන්, පිටවෙන්නත් පුලුවන් අයුරින් සැලුන් දොරක් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පැවසීය.
මන්ත්‍රීවරයා එසේ පැවසුවේ, මාවුස්සාකැලේ සමන් දේවාලයේදී අද (19) පෙරවරුවේ විශේෂ පූජාවක් පැවැත්වීමෙන් අනතුරුව නල්ලතන්නිය, කල්පවෘක්ෂ විහාරයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
එහිදී සී.බී.රත්නායක මහතා මෙසේද කීය.
“ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න පැමිණි අවස්ථාවේ මා කියන්න ඕන මේ රටේ ජාතික ආරක්ෂා හා මේ රටේ ජාතික ආර්ථිකය අනාගත සැලැස්මක් අනුව අපේ මාතෘ භූමියට එකතුකරන්න යන ගමනේ ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෘජු නායකත්වයකින් ස්ථිර වශයෙන්ම රටේ ජනාධිපතිවරයා ලෙස පත්වෙනවා. ඒ පත්වීමත් එක්කම රටේ සශ්‍රීක භාවයක් ඇතිවෙනවා කියන එක මගේ හා අපේ විශ්වාසය.
විජේදාස රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ පැමිණිම සම්බන්ධව කියන්න තියෙන්නේ පාට, පක්ෂ වලට වඩා මම හිතන්නේ හෘද සාක්ෂියට එකඟව මගේ මාතෘ භූමිය උතුම් කියන චේතනාවත් එක්ක ආපු ගමනක්. සමහර අය එල්බගෙන ඉන්න පුලුවන් එක එක පක්ෂ ගැන. එක එක ප්‍රතිපත්ති ගැන. නමුත් සියළු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නම් අපට රටක් තියෙන්න ඕනෑ. ඒක හරියට තැල්ල බඳින්න බෙල්ල තියෙන්න ඕන කිව්වොත් නිවැරදියි. එහෙම නැති වුණොත් අපිට ප්‍රශ්නයක් තියෙනවා.”

2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොදුජන පෙරමුණේ සැලුන් දොරත් ඇරලා