දැන්ජේ වීපී වේදිකාවේ සිට නඩු තීන්දු දීමට පටන්ගෙන ඇති බවත් ජවිපෙ වේදිකාවේ සිට නඩු තීන්දු දී ජනතාවගේ ප්‍රශ්න යට ගසන්නට හැකි යැයි ජනාධිපතිවරයා සිතාගෙන සිටිනවා නම් එය මායාවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (03දා) දින කළුතරදී මාධ්‍යවේදීන් ඉදිරියේ තම අදහස් ඉදිරිපත් කරමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
“ජේවීපී මැයි රැළියේ අමතක කරන්නම බැරිචේච වචන සෙට් එකෙන් එකක් තමයි රාජපක්ෂලා සහ පොහොට්ටුව.ඉතිං ඒකෙන්ම තේරෙනවා ඔවුන්ගේ මානසිකත්වය කොහොමද කියලා.ඉතින් ඒකෙත් කම්කරුවන්ගේ අයිතිය කම්කරුවන්ට වෙන සේවාවන් රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කරන්නේ කොහොමද කම්කරුවෝ දිරිගන්වන්නෙ කොහොමද මේ රටේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා නෙවෙයි ජනාධිපතිවරයා කතා කළේ.
ජනාධිපතිවරයා මැයි දිනයට නැගලා අපිව හිරේ දාන්නේ කොහොමද කියලා කතා කරනවා.ලැජ්ජාවේ බෑ! ඉතින් මේක තමයි මේ රටේ විධායක ජනාධිපතිවරයාගේ තනතුර වැටිච්ච තැන.ඉතින් ඔය ටික අහන මිනිස්සු මැයි දිනයකට එන්න ඕනද. ඔය කතා ටික ජනාධිපතිවරයා විපක්ෂයේ ඉන්න කාලේ ඉඳන් කරපු කාරණා ටික තමයි තවම කියන්නේ. හැබැයි ඉතින් අපි එදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා.ඒක එදා තහවුරු කළා. ඉතින් ජේවීපී වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දීලා ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවනම් ඒක අපි බලාගමු.”
“මහින්ද මහත්තයට අල්ලස් එකෙන් කැඳවීමක් තියෙනවා කියලා සමාජ මාධ්‍යයේ ගිහින් තියෙනවා.තාම ලිඛිතව ලියුම ඇවිල්ල නෑ සාමාන්‍යයෙන් ඉතින් ඔවුන්ට සම්බන්ධ සමාජ මාධ්‍යවලට ඕක දෙනවා කියන්නේ ලියුම එනවා ඇති මඟ.ඉතින් සමාජ මාධ්‍යයේ තියෙන විදියටත් දැනගන්න තියෙන විදිහට අර බලහත්කාරයෙන් බලෙන් ලියා ගත්ත කට උත්තරය සම්බන්ධයෙන් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් අහනවා කියලා කියන්නේ.ඉතින් ලියා ගත්තු කෙනත් දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා බලහත්කාරයෙන් තමයි ලියා ගත්තේ කියලා ඉතින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් කටඋත්තරයක් ගන්න කෙනෙක්ව බලහත්කාරයෙන් බය කරලා කටඋත්තරයක් ලියාගෙන තියෙනවා.මහින්ද මහත්තයා ඉතින් ඔයිට වඩා දේවල් වලට උත්තර දීලා තියෙනවානේ. .
අපිට තවමත් මේ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා මැයි දිනයේදී ජෙවිපෙ වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දුන්නත් ගරු විනිශ්චකාරවරු ඒ පිළිබඳව සැලකිලිමත් වෙයි. තව පැත්තකින් පොලිසියත් සම්පූර්ණයෙන් ජේවිපිකරණය වෙලා තියෙන්නේ.දැන් අපි දැක්කා පහුගිය දවසක සිද්ධ වෙච්ච සිදුවීමක් සම්බන්ධයෙන් කවුරුත් අහන්නත් කලින් කවුරුත් කියන්නත් කලින් මරණ වාර්තාව එන්නත් කලින් පොලිසිය කියනවා සියදිවි හානි කරගෙනලු.ඉතින් පොලිසියට තියෙන හදිස්සිය මොකක්ද දන්නේ නැහැ අහන්නත් කලින් කියන්න.ඉතින් මේවා පිළිබඳවත් අපි හොයනවා මේවා පිළිබඳව සැකයක් තියෙනවා.” යැයි පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උබේ තාත්ත නඩු තින්දු දුන්නෙ ගෙදර ඉදන් , විනිශ්චකාර වරුන්ගෙ ගෙවල්වලට, ඒ මරනෙද , ජිවත් වෙන්න ඔනෙද කියල අහල.
පොලීසියෙන් කුඩු වට කළාම ගෙවල් වලට ගිහිං බදාගෙන ඉඹගෙන බේරගත්තේ මොකාගේ අප්පොච්චිද බොල...?