(මුදිතා දයානන්ද )
වියතෙක්, උගතෙක්, කලාකරුවෙක් වීම පමණක්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වීමට සුදුසුකමක් වන්නේ නැහැ. ඒ සඳහා දේශපාලනය පිළිබඳ දැනීම හා අත්දැකීමද වැදගත් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (11) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි ”පොදු ජන පෙරමුණේ වියතුන් සිටියදි වියත් මග සංවිධානයෙන් වෙනම වියතුන් ඉදිරිපත් කරන්නේ ඇයිදැ”යි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි ඔහු මෙසේද පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වියතුන් ඉන්නවා. අපි වියතුන්ද නැද්ද යන වග ජනතාව තීරණය කළ යුතුයි. ඒ වගේම වියත් මග කියන්නේ ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී උදව් කළ අපේ සහෝදර සංවිධානයක්.
ඒ අයටත් මැතිවරණයට ඉදිරිපත් වීමේ අයිතියක් තිබෙනවා. කලාකරුවන්ටත් ඒ අයිතිය තිබෙනවා. එහෙත් කලාකරුවෙක් වූ පමණින්ම හෝ ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක් වැනි උගතෙක් වියතෙක් වූ පමණින්ම හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන්න බැහැ. ඒකට දේශපාලන අත්දැකීමක් අවශ්‍යයි.
අපේ මධුමාධව අරවින්ද අවුරුදු විසිපහක් විතර කලාකරුවෙක් විදිහට කටයුතු කළා. ඒ වගේම අවුරුදු විසිදෙකක් දේශපාලන කටයුතුවල යෙදුනා. ඒ අත්දැකීම සමග තමයි ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වියතෙක්, උගතෙක්, කලා කරුවෙක් වූ පමණින් පාර්ලිමේන්තුවට එන්න බැහැ