(නිමල කොඩිතුවක්කු)
සජිත් පේ‍්‍රමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුනහොත් ඉදිරි මහමැතිවරණය සදහා ඔහුගේ ප‍්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මදුද්මබන්ඩාර මහතා ලංකාදීපයට අද(5) පැවැසීය.
මෙම නව සන්ධානය සදහා සහයෝගය ලබාදෙන බවට එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් එකඟතාවය පළ කර ඇති බවත් මන්ත‍්‍රිවරයා සදහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදිම සම්බන්දයෙන් පසුගිය සිකුරාදා(3) පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඒ මහතාගේ නිවසේදී පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බවත් ඒ මහතා පැවැසීය.
මෙම සාකච්ඡාව සදහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවී කරුණානායක, තලතා අතුකෝරල, මලික් සමරවික‍්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් යන මහත්ම මහත්මින් එක්ව සිටියහ.
මෙම සාකච්ඡවට පෙර එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ සදහා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස, පක්ෂ නායකයින් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, රවුෆ් හකීම් ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවලට පෙර එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරුන් පස්වරු 5.00 ට පමණ මලික් සමරවික‍්‍රම මහතාගේ නිවසේ රැස්ව තිබේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පනස් දෙනෙකු පමණ මේ සදහා එක්ව සිටි බවත් සජිත් පේ‍්‍රමදාස මහතාට නායකත්වය නොලැබෙන්නේ නම් වෙනම තරඟ කළ යුතු බව ඔවුන් සියලූ දෙනාගේ ඒකමතික තිරණය වූ බවත් රංජිත් මද්දුමබන්ඩාර මහතා වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජිත්ගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩනගනවා