IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


‘ බැරිකම් වහගන්න ආණ්ඩුවෙම අය දෙකට බෙදිලා‘

(මුදිතා දයානන්ද )
 
ආණ්ඩුවේ බැරිකම් වහගන්න, ආණ්ඩුවේම අය දෙකට බෙදිලා දෙපැත්තට චෝදනා කරගනිමින් නැවතත් ජනතාව නොමග යවන්න හදනවා. මේ අය බලයට ආවෙම වැඩපිළිවෙලක් ඇතිව නොව ජනතාව බිය වද්දලා. ඒකයි ඇත්ත යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (18) පැවසීය.

 ඔහු මේ බව පැවසුයේ බත්තරමුල්ල, සුභූතිපුර පාරේ, අවකාශ මධ්‍යස්ථානයේ පිහිටි ජාතික ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී “ජනාධිපතිට වැඩක් කරන්න ඕන කමක් තිබෙනවා ඒත් ඉඩක් නෑ වගේ අදහසක් තිබෙනවා නේද?”යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 
එහිදි ඔහු මෙසේද පැවසීය.
               
එක කණ්ඩායමක් කියනවා මෙයාට වැඩක් කරන්න ඕන කම තිබෙනවා ඒත් අරගොල්ලන්ගෙන් ඉඩක් නැහැ කියලා. ඒ කණ්ඩායම කියනවා මෙතුමාට නම් වැඬේ කරන්න පුලුවන්, ඒත් අරයට වැඩ කරන්න තේරෙන්නේ නැහැ කියලා. මේ විදිහට දෙගොල්ල දෙපැත්තට කියා ගනිමින් ජනතාව නොමග යවනවා. ඒත් ඇත්තටම ඔවුන්ට රට හදන්න පුලුවන් වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි ණය අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා මාධ්‍යවේදින් එදා ඇහුවාම මල්ලී අය්යගේ මූණ දිහා බැලුවේ.
 
අයියා කිව්වා ආ ඒක සුලු දෙයක්. අපිට දුන්නොත් කරලා පෙන්වන්නම් කියලා. දැන් ඉන්දියාවට ගිහින් අඬනවා වසර තුනකට ණය කල්දාලා දෙන්න කියලා. ඕක තමයි ඇත්ත.
 
ජාතික ආරක්ෂාව මූලික සටන් පාඨය කරගෙන බලයට ආවේ. ඒත් තවමත් අපේ රටේ ආරක්ෂාවට විිශාල තර්ජනයක් වන ඇක්සා, ගිවිසුම අහෝසි කරන්න කටයුතු කරලා නැහැ. සෝෆා, එම්සීසි ගිවිසුම්වලට ගිවිසුමට මොකද කරන්නේ කියලා කියන්නේ නැහැ. තවමත් රටට ආරක්ෂක ලේකම්වරයෙක් මිස ඇමතිවරයෙක් නැහැ.
 
ජනතාවට සහන දෙනවා කිව්වා. ඒත් දීපු බදු සහනයෙන් වත් ජනතාවට සහනයක් වුණේ නැහැ. අඩුආදායම් ලාභී පවුල්වලට දෙනවා කියපු රුපියල් තුන්දාහේ සහන මල්ල නැහැ. ඒ අයට ලැබෙන ආදායමෙන් වත් කන්න බැරි තරමට බඩුමිල දවසින් දවස වැඩිවෙනවා. සැපයුම අඩුවෙනකොට මිල ඉහළ යනවා ඒක වළක්වන්න බැහැයිලු. එහෙම කියන්න ආණ්ඩුවක් මොකටද කියලා ඒ ගොල්ලොම ඉස්සර කිව්වා.
 
 ඇත්තටම ඒකට ආණ්ඩුවක් ඕන නැහැ. වතුකම්කරු වැටුප රුපියල් දාහකින් වැඩි කරනවා කියලා විශාල බොරුවක් කළා. 2016න් පසු විශ්‍රාම ගිය අයට 2020දී වැඩිවිය යුතු වැටුප ලබානොදී මගඇරලා. ජනතාවට කිසිම සහනයක් මේ ආණ්ඩුවෙන් නැහැ.



අදහස් (0)

‘ බැරිකම් වහගන්න ආණ්ඩුවෙම අය දෙකට බෙදිලා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1734 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1436 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site