ජාතිවාදය අවුස්සන උගුලට හසුනොවන්නැයි විමල් කියයි
දිගන සිදුවීම් වලදී වගේම මහනුවර මාවනැල්ල බුදුපිළිම විනාශ කිරිමේ ක්රියාවලිය පිටුපසත් දෙමළ ඩයස් පෝරාව වැනි ජාතිවාදය අවුස්සා තමන්ගේ උවමනා ඉටුකරගන්න උත්සාහ කරන පිරිසක් සිටිය හැකි බැවින් ඒ උගුලට හසුනොවන ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා අද (28) පැවසීය.