ජේ.කේ.එල් චාමින්ද
භාරකාර ආණ්ඩුවක් නැතිනම් බරකරත්ත ආන්ඩුවක් හරි ගෙනැවිත් වත්මන් අගමැතිවරයා සහ ආණ්ඩුව ගෙදරයැවිය යුතු බැව් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් පැවසුවේ අද (14) දහවල් ගාල්ල කතළුවේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රි ගුණරත්න මහතා මෙසේද පැවසීය.
‘‘මේ ආණ්ඩුව නොමැතිව ඕනෑම ආණ්ඩුවක් භාරකාර ආන්ඩුවක් හරි කමක් නෑ බරකකරත්ත ආණ්ඩුවක් හරි කමක් නෑ මේ හාදයෝ ටික නැතිව. මොකද මේ ආණ්ඩුව ඇවිල්ලා රටේ ජනතාවට උපරිම දුක දීලා තියෙන්නේ.
අද දිනෙන් දින ජීවන වියදම වැඩි වෙනවා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා. අද රස්සාවක් සොයාගන්න නෑ ගමේ ආර්ථිකය විනාශ වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ බාර කාර ආණ්ඩුවක් නෙමේ බරකරත්ත ආණ්ඩුවක හරි දාලා මේ අගමැති වරයා සහ හොරු රැළ ගෙදර අරින්න ඕන කියන එකයි.
මේ ආණ්ඩුව පැහැදිලිවම ඡන්ද තියන්නේ නැහැ. එතකොට දැන් ජනතා විමුක්ති පෙරමුනෙන් විසි වැනි ව්‍යවස්තා සංශෝධනයක් ගෙනැල්ලා තියෙනවා. මේ ගැන ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කරලා තියෙනවා.
ආන්ඩුවට බැරිනම් පළාත් සභා මැතිවරණ ටික තියෙන්න කරුණාකරලා ජනමති විචාරණයකට යමු. විසි වැනි සංශෝධනය අනුමත කරනවාද නැද්ද මේ ආණ්ඩුවේ ක්‍රියා පිලිවෙත අනුගමනය කරනවාද නැද්ද මේ ආණ්ඩුව රටේ ජනතාවට සේවය කරනවාද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්නම් ජනමත විචාරනයකට ගියොත්.‘‘
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භාරකාර නැතිනම් බරකරත්ත ආණ්ඩුවක් හරි ඕනෑ - මෛත්‍රී ගුණරත්න