(නාලක සංජීව දහනායක)
ද්‍රවිඩ ජාතික සන්ධානයේ හඬට කන්දී උතුරු පළාතින් හමුදාව ඉවත්කර ගත්තා නම් එම පළාතේ ජනතාවට ගංවතුරේ ගිලී මියැදෙන්නට සිදුවනු ඇතැයි මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද (26) පැවැසීය.
පීඩාවටපත් උතුරේ වැසියන් මුදාගැනීමට හමුදාව ක‍්‍රියාකරන විට ද්‍රවිඩ ජාතික සන්ධානය කොළඹට වී සැප ගනිමින් සිටින බව ද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.
‘මේ වනවිට උතුරු පළාතේ ජනතාව ගංවතුර නිසා පීඩාවට පත්වෙලා ඉන්නවා. උතුරු පළාතෙන් හමුදා ඉවත්කරන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානය, උතුරු පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා සහ දෙමළ ඩයස්පෝරාව පසුගිය කාලයේ දැඩිව හඬ නැඟුවා. ඔවුන්ගේ හඬට කන්දීලා හමුදාව ඉවත් කළානම් උතුරේ ජනතාවට ගංවතුරේ ගිළිලා මැරෙන්න වේවි. මේ මොහොතේදී ගංවතුරෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවගේ පිහිටට ඉන්නේ හමුදාව පමණයි.
උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියල කෑ ගහපු මිනිස්සු කොළඹට වෙලා සැප ගන්නවා මිස ගංවතුරෙන් පීඩාවට පත්වුණ උතුරේ මිනිස්සු වෙනුවෙන් මුකුත්ම කරන්නේ නැහැ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරය තමන්සතුව තිබෙන බවට පම්පෝරි ගැහැහුවුවත් අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළ වෙලාවෙදි ආණ්ඩුවට බහුතරය නැති බව හොඳටම පේන්න තිබුණා. ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඡන්දටිකත් අරගෙනත් ආණ්ඩුවට තිබුනේ ඡුන්ද 102ක් පමණයි.
එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිරකාරයෙක් වෙලා. එක්සත් ජාතික පක්‍ෂය ගෙනියන රට පාවාදීමේ පිළිවෙලට පක්‍ෂයේ මන්ත‍්‍රීවරුත් විරුද්ධයි. අතුරු සම්මත ගිණුමට ඡන්දය ප‍්‍රකාශ නොකර ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් මඟ ඇරියේ ඒ විරෝධය පළකරන්නයි. ඒ අනුව මේ ආණ්ඩුවේ කඩාවැටීම දැන් ආරම්භවී තිබෙන බව පැහැදිලිවම පේන්න තියෙනවා. මේ දේශපාලන අස්ථාවරත්වය වළක්වා ගන්නනම් ලබන වසරේදී අනිවාර්යයෙන්ම මැතිවරණයක් පැවැත්විය යුතුය තිබෙනවා.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ ගංවතුර - ද්‍රවිඩ ජාතික සන්ධානය කොළඹට වී සැප ගන්නවා