IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


උතුරේ ජාතික ගැටළුව විසඳීමට නම් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි - සම්බන්ධන්

එෆ්.අස්ලම්
 
උතුරේ ජාතික ගැටළුවට විසඳුම් ලබාදීමේ අරමුණින් පැවති රජය පලවා හරිමින් වත්මන් රජය බලයට ගෙන ඒමට පුරෝගාමීව තමා කටයුතු කළ බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
 
මෙම ගැටළුවට විසඳුම් ගෙන ඒමට නම් රජය සමඟින් එකඟතාවයෙන් සහ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මඩකලපුව පොදු වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය ඊයේ (15) විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම උත්සවයේ දී අදහස් දක්වමින් සම්බන්ධන් මහතා මේ අදහස් පළකර සිටියේය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද කීය.
 
ඉදිරි කාලයේ දී නව ව්‍යවස්ථාවක් තුළින් පළාත් පාලන ආයතනවලට හිමි බලතල තව තවත් වැඩි කිරීමට යෝජිතයි. ඒ තුළින් පළාත් පාලන නියෝජිතයින්ට ජනතාවට වැඩි වැඩියෙන් සේවාවක් කරන්න පුළුවන් වේවි. පළාත් පාලන ආයතන කියන්නේ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් ආයතන බව සැවොම අවබෝධ කර ගත යුතුයි.
 
මඩකලපුව දිස්ත්‍රික්කය කියන්නේ වඩාත් වැදගත්  සුවිශේෂී දිස්ත්‍රික්කයක්. දේශපාලනයේදී කොයි අවස්ථාවේදීත් බෙදීම් පවතිනවා. පරස්පර අදහස් හා මතභේද පවතිනවා. කොපමණ බෙදීම් එකිනෙක පරස්පර  අදහස් හා මතභේද පැවතියත් ජනතාවට සේවාවක් සිදුකළ යුතුයි. අප එකතු වෙලා අප අතර පවතින බේද වලින් ඈත් වෙලා ජනතාව ගැන හිතල ඔවුන් වෙනුවෙන් කරන්න ඕන සේවාවන් සිදුකිරීම තුළින් සැබෑ සේවාවක් ජනතාවටත් ඉටුවනු ඇති.
 
දෙමළ ජනතාව විවිධාකාරයේ දුෂ්කරතාවලට අර්බුද වලට මුහුණ පා සිටිනවා. අපගේ ප්‍රදේශවල 30 වසරක කාලයක් පැවති යුද්ධය ඊට හේතුවයි. යුද්ධයෙන් මහා විනාශයක් සිදු වුණා. දෙමළ ජනතාවගේ තත්වය තවමත් සාමාන්‍ය තත්වයට හැරිල නැහැ. ඔවුන් තවමත් දුෂ්කරතාවලට අර්බුද වලට මුහුණ පා සිටිනවා.
 
අතුරුදන් වූවන්ගේ ගැටළු, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, ඉඩම් ප්‍රශ්න, නැවත පදිංචි කිරීමේදී පවතින ගැටළු, විරැකියාව, සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රශ්න වශයෙන් ප්‍රශ්න ගණනාවකට දෙමළ ජනතාව මුහුණ දී සිටිනවා. මේ යුද්ධයෙන් සිදුවූ විනාශයන්. මේ ප්‍රශ්න මඟහැර සිටිය නොහැකියි. කල් නොමරා මේ ප්‍රශ්න විසඳන්න ඕන. අපි ඒ ප්‍රශ්න විසඳමින් සිටිනවා.



අදහස් (0)

උතුරේ ජාතික ගැටළුව විසඳීමට නම් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි - සම්බන්ධන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site