IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘භාරකාර ආණ්ඩු ගැන කතා කරන්නේ දේශපාලන අනාථයන්’

(ඩයනා උදංයගනී සහ සුජිත් හේවාජූලිගේ)

 

භාරකාර ආණ්ඩු ගැන කතා කරන්නේ කිසිදු ජනතා පිළිගැනීමක් නොමැති දේශපාලන අනාථයින් යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (26) පැවසීය.

එවැනි භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි කී අජිත් පී.පෙරේරා මහතා වත්මන් යහපාලන රජය මීළඟ ජනාධිපතිවරණය දක්වා ශක්තිමත්ව පවතිනු ඇතැයි ද සඳහන් කළේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

පෙරේරා මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදීම වෙනුවෙන්  මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

පසුගිය දා ආණ්ඩුව හැර ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තම රැකවරණය හා බලය රැක ගැනීමේ අරමුණින් භාරකාර ආණ්ඩුව ගැන කතා කළ බව කී අජිත් පී. පෙරේරා මහතා පසුව ඒකාබද්ධ විපක්ෂයත් ඒ හා එක්වූ නමුත් මහින්ද රාජපක්ෂ මහතා මද දුරක් ගොස් එය අතහැර දැමූ බවද කියා සිටියේය.

 



අදහස් (0)

‘භාරකාර ආණ්ඩු ගැන කතා කරන්නේ දේශපාලන අනාථයන්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site