IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘බෙදුම්වාදී දේශපාලන පක්ෂ කැබලිවීම රටට යහපතක්’


 
 
නාලක සංජීව දහනායක
 
උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වී නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීම හරහා බෙදුම්වාදී දේශපාලන මත දරණ දේශපාලන පක්‍ෂ කැබලිවීමේ ප‍්‍රවණතාවයක් ඇතිවීම රටට යහපතක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (26) පැවසීය.


එමෙන්ම ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් නීතිය විදුලි වේගයෙන් ක‍්‍රියාත්මක යුතු වුවද එම කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් ඉතාම මන්දගාමීව නීතිය ක‍්‍රියාත්මක වන බවද කීය. 


ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලත් ත‍්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීමෙන් පමණක් මෙම පරීක්‍ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් මෙම ඝාතන කුමන්ත‍්‍රණය පිටුපස සිටින සියලූම දෙනා ඉතාම ඉක්මණින්ම අත්අඩංගුවට ගත යුතු යැයිද මන්ත‍්‍රීවරයා කීය.


මහජන එක්සත් පෙරමුණ හා ජාතික නිදහස් පෙරමුණ අතර පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.



අදහස් (0)

‘බෙදුම්වාදී දේශපාලන පක්ෂ කැබලිවීම රටට යහපතක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site