(මොහොමඩ් ආසික්)
විශ්ව විද්‍යාල පද්ධතියේ ධාරිතාව වැඩි කර සහ අලුත් විශ්ව විද්‍යාල ආරම්භ කර උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට සරසවි වරම් තම රජය යටතේ ලබා දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කීය.
අද (11) සවස මහනුවර නගරයේ පැවැති ප්‍රචාරක රැළිය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
‘‘අපි පසුගිය 25 වනදාමේ රට හදන ප්‍රතිපත්ති ප්‍රකාශණය අපි ඉදිරිපත් කළා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ගැන මේ රටේ උගතුන් බුද්ධිමතුන් පැසසුම් කරනවා. මේ රටේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ මෙන්ම මේ රටේ ජනතාවගෙනුත් අදහස් අරගෙනයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශණය හදල තියෙන්නේ. මගේ ධූර කාලය තුල මේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සඳහන් සියලු කාරණා ඉෂ්ඨ කරන්න පුළුවන් කියල මම පොරොන්දු වෙනවා. අපි ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරල තියෙනවා. මේ රටේ තිබුණ ත්‍රස්තවාදය අවසන් කරලා නැවතත් එවැනි තර්ජනයක් ඇති නොවන ආකාරයට ආරක්ෂක ක්‍රියාදාමයක් ඇති කරල තිබුණා.
ත්‍රිවිධ හමුදාව පොලිසිය වැනි ආයතන මෙන්ම බුද්ධි අංශ එකතු කරලා යළිත් ඒ වගේ තත්වයක් ඇති නොවන ආකාරයට අපි වැඩ පිළිවෙළක් ඇති කරල තිබුණා. නමුත් මේ රජය ආවට පස්සේ විදේශිය බලපෑම්වලට යටවෙන ඇමති මණ්ඩලයක් තියාගෙන රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම්වලට යට වන රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් කළේ නෑ.
බුද්ධි අංශයේ නිලධාරින්ට ඒ අය ආරක්ෂක මණ්ඩලයේ කතා කරන්න ඉඩ දුන්නේ නෑ. ඔවුන්ගේ ලබා දුන් අනතුරු ඇඟවීම් කිසිවක් ගණන් ගත්තේ නෑ. එදා නිදහස ලබා දුන් රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට අරන් යන විදේශිය ලියවිලිවලට අත්සන් කළා. බුද්ධි අංශ නිලධාරින් සිරගත කළා. මේ රටට අනතුරක් වනවානම් ඒ පිළිබඳව රජයට දැනුම් දෙන්නේ බුද්ධි අංශයයි. අපි එදා ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ බුද්ධි අංශ එකතු කරලා ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරල තිබුණා. ඒක තමයි එදා ජාතික ආරක්ෂාව ඒ ආකාරයට තිබුණේ.
අපේ ප්‍රතිපත්තිවල වැදගත් තැනක් කෘෂිකර්මාන්තයට වැවිලි කර්මාන්තයට අධයාපනයට සෞඛ්‍යයට ලබා දිලා තියෙනවා.
වැවිලි කර්මාන්තය දියුණු කරන්න නිසි අවධානයක් යොමු වුණේ නෑ.ඒ නිසා තමයි මේ වන විඒ කර්මාන්තය කඩා වැටිලා තියෙන්නේ . කම්කරුවන්ගේ ඉඳලා ඉහළම සමාගම් දක්වා තේ කර්මාන්තය කඩා වැටිලා. පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනල්ලා අපේ තේ වලට කලවම් කරලා අපනයනය කිරීම නිසා සිලෝන් ටී යන නාමයට තිබුණ තැන නැති වෙලා ගියා. නමුත් අපේ රජයක් යටතේ නැවතත් තේ කර්මාන්තය නගා සිටුවන්න ක්‍රියා කරනවා.
අපි පිටරටවලට යවන්නේ ගුණාත්මක තේ විතරයි තේ වගාව වර්ධනය කරන්න නැවත තේ වගා කරන්න අවශ්‍ය පහසුකම් ලබා දීලා ගුණාත්මක තේ පිටරට යවලා විදේශ විනිමය ලබා ගන්න කටයුතු කරනවා. ඒ වගේමයි රබර් කර්මානත්ය රබර් පිටරටින් ගෙනල්ලා අද රබර් ගස් ගලවා දමන තත්වයට පත් වෙලා තියෙනවා. රබර් නැවත වගා කිරීම උනන්දු කරවලා රබර් භාවිතා කරන කර්මාන්ත ශාලා ඇති කරලා ආදායම් ලැබෙන තත්වයට පත් කරනවා. ඒ වගේම පොල් කර්මාන්තය.
ලෝකයේ හැම රටකින්ම පොල්වලට ඉල්ලුමක් තියෙනවා.නමුත් අපේ පොල් වගාකරුවා කඩා වැටිලා.මේ ප්‍රදේශවල ජනතාව විශාල ආදායමක් ලබා ගත්ත අපනයන බෝග ගොවින් කඩා වැටිලා.
ගම්මිරිස් වගා කරන දිස්ත්‍රික්ක නවයකම ගොවීන් අමාරුවේ වැටිලා.ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු පිටරටන් බාල ගම්මිරිස් ගෙනල්ලා ශ්‍රී ලංකා ගම්මිරිස් කියලා අපනයනය කිරීම නිසා අපේ ගම්මිරිස්වලට තිබුණු මිළත් නැති වෙලා ගියා. නමුත් අපේ රජයක් යටතේ මේ ගම්මිරිස් වගාව වැඩි දියුණු කරලා ගම්මිරිස් පිටරටවල්වලින් ගෙන්වීම නවත්වලා ගම්මරිස්වලට හොඳ මිළක් ලබා දෙන්න කටයුතු කරනවා. කෘෂිකර්මාන්තය දියුණු කරලා මේ රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන්න අපේ රජයක් යටතේ අපි කටයුතු කරනවා .
ඒ වගේම අද දේශිය කර්මාන්ත කරුවා කඩා වැටිලා ඔවුන් නගා සිටුවන්නත් තම රජය යටතේ ක්‍රියා කරන‘‘ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී කිය.
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට සරසවි වරම් ලබාදෙනවා‘‘