(එෆ්.අස්ලම්)
 
පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් උපවාසයේ යොදවා මුස්ලිම් අමාත්‍ය  මණ්ඩලයම තනතුරුවලින් ඉවත් කරවීමේ සැලැස්මේ මහ මොළකරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව මුස්ලිම් ජාතික කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා අවධාරණය කරයි.
චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පමණක් ඉවත් කිරීමට අගමැතිවරයාට හැකියාව පැවතියද ඔහු එසේ නොකර මෙවන් සැලැස්මක් ක්‍රියාත්මක කළේ පටු දේශපාලන උවමනාවට යැයිද ඒ මහතා සඳහන් කළේය.
කාලීන දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතාවුල්ලා මහතා මේ බව පැවසීය.
තමා තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයෙකු බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය තමා පිළිගන්නා බවත්, ගෝඨාභය රාජපක්ෂ නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා නම් කරන්නේ නම් තමා ඇතුළු මුස්ලිම් ජනතාවගේ සහාය ඔහුට හිමිවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් තිබූ බවත්, මුස්ලිම් ජනතාවගේ දේපළවලට හා දේවස්ථානවලට පහරදීම්, හානිකිරීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවූයේ වත්මන් ආණ්ඩු පාලනයෙන් බවද ඒ මහතා කීය.
වත්මන් ආණ්ඩුවේත් එම ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මැතිඇමතිවරුන්ගේත් රැවටිලි ස්වභාවය මුස්ලිම් ජනතාව මනාව වටහාගෙන ඇතැයිද අතාවුල්ලා මහතා සඳහන් කළේය.
එමෙන්ම ඇමරිකාව ඇතුළු විදෙස් රටවල ඔත්තුකරුවන් තවමත් ලංකාවේ රැඳී සිටින බවද ඒ අයට අවශ්‍ය රැකවරණය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් සලසා දී ඇති බවද අතාවුල්ලා මහතා පැවසීය.

 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘මුස්ලිම් ඇමතිවරුන් ඉවත්කිරීමේ සැලසුමේ මහමොළකරු අගමැති යි’