IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එජාපයේ ජනපති අපේක්ෂකයා 6 වැනිදාට නම් කරනවා

(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන  ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේකෂකයා ලබන 06 වනදාට යෙදෙන එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරයේදී නම් කෙරෙන බව පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
 
අග‍්‍රාමාත්‍ය  රනිල් වික‍්‍රමසිංහ මහතා මාලදිවයින්  නිල සංචාරය අවසන් කර අනිද්දා (4) දිනයේදී යළි දිවයිනට පැමිනීමෙන් පසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
 
ඉදිරි ජනාධිපතිවරණය ජය ගත හැකි සුදුසුම අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරයේදී නිළවශයෙන් ප‍්‍රකාශ කිරිමෙන් පසු මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ආරම්භ  කරන බවත් ඔහු සදහන් කළේය.
 
පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය  රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ සුසංයෝගයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් සහ පළාත් පාළන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදුකෙරෙන බවත් හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් කීවේය.



අදහස් (0)

එජාපයේ ජනපති අපේක්ෂකයා 6 වැනිදාට නම් කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site