IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ලංකාව ජාත්‍යන්තරයට ගෙන යාහැකි අයෙක් ජනපති අපේක්ෂකයා කරනවා’

(නිමල කොඩිතුවක්කු)
 
රටේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය සහ සංවර්ධනය ගොඩනැගිය හැකි, තරුණයා මුල්කොටගත් සමාජයක් බිහිකළ හැකි,  රට ජාත්‍යන්තරයට ගෙන යාහැකි පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පකෂයේ උප නායක විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද(19) පැවසීය.
 
රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ප‍්‍රසිද්ධම පුද්ගලයා වෙනුවට සුදුසුම කෙනා ජනපති කළ යුතු බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ඔහු  මෙම අදහස් පළකළේ, අද(19) පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති තරුණ දේශපාලන ක‍්‍රියාකාරී හමුවකට සහභාගි වෙමිනි.
 
මෙහිදී වැඩිදුටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේද කීවේය.
 
  ”2015 අපි බාරගත්තේ දණගහපු, වට්ටපු ආර්ථිකයක්. නමුත් මේ ගතවුණ කාලසීමාව තුලදී වැටුප් වැඩිකළා, මහපොල වැඩි කළා, ආදායම වැඩි කළා, විෂමතා ඉවත් කළා. ඒ තුළින් ජනතාවට ප‍්‍රතිලාභ ලබා දුන්නා. 
 
අද වනවිට වසර 25 ක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙසත්  එක්සත් ජාතික පක්ෂයේ උප නායක ලෙසත් මම කටයුතු කරන්නේ ජනතා විශ්වාසය නිසයි.  වසර 36 ක් පුරාවට එක්සත් ජාතික පක්ෂයට සේවයක් කිරීමට හැකිවීම ගැනත්  මම සතුටු වෙනවා. 
 
ජනාධිපතිවරණය ගැන කතා කරද්දි අද අපි නොයෙක් විකට කතා අහනවා. ඉදිරියේදී  පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ ගනණාවකින් නියෝජිතයන් ඉදිරිපත් වෙනවා. ජනතාව මෙහිදි නිවැරදිව සිතා කටයුතු කළ යුතුයි. ප‍්‍රසිද්ධම පුද්ගලයා නොවෙයි සුදුසුම කෙනා බලලා අපි පත්කළ යුතුයි. ඒ වගේම තරඟකරන්න නෙමෙයි ජය ගන්න පුළුවන් කෙනා ඉදිරිපත් කළ යුතුයි. 
 
ඒ අනුව වඩාත් ඡන්ද ලබාගන්න පුළුවන්, වඩාත්ම ජනතාවට ළංවෙන්න හැකියාවක් ඇති පුද්ගලයෙක් තමයි ජනාධිපති අපේක්ෂකයා කළ යුත්තේ. ඒ නිසා මම අහවලා, මම ආර්ථිකය ගොඩනැගුවා, මම යුද්ධය ජයගත්තා කියන අය නෙවෙයි පත්කල යුත්තේ. රටේ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය ගොඩනැගිය හැකි, රටේ තරුණයා මුල්කොටගත් සමාජයක් බිහිකළ හැකි ඒ වගේම රට ජාත්‍යන්තරයට ගෙනයාහැකි පුද්ගලයෙක් තමයි එක්සත් ජාතික පකෂයෙන් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්නේ
අද රටේ දැවෙන ප‍්‍රශ්න තමයි ජාතික ආරක්ෂාව, රටේ ජාතික ආර්ථිකය සහ තරුණයා මුල්කරගත් ගැටළු. ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ රටට පමණක් නොවෙයි සමස්ත ලෝකයටමගැටළු මතුවී තිබෙනවා. ජාතීන් කිහිපයක් ජීවත්වන රටක. සෑම දෙනාටම මේ මගේ රට කියලා, නිදහසේ ජීවත්විය හැකි තත්ත්වයක් ඇතිකළ යුතුයි. 
 
යම් යම්  පුද්ගලයින් ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කතා කලාට, සුරංගනා කතා කිව්වට, රටේ සාමාන්‍ය ජනතාවගේ හදවතට දැනෙන ආකාරයට කතා කරන්නේ නැහැ. ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි ප‍්‍රධාන ගැටළුව. එක පිස්සෙක් ඇති රටේ සමගිය සහජීවනය නැති කරලා දාන්න. මෑතකදී අපේ රටේ ඇතිවුණේ ඒ වගේ  තත්ත්වයක් තමයි.
 
සුද්දන්ගෙන් නිදහස ලබාගත්තට පස්සේ ආර්ථිකමය වශයෙන් අපි ඉදිරියට ගිහින් නැහැ. අපි බෝඩ් ලෑලි අල්ලගෙන, පාරවල් දිගේ ඇවිදින කොට, අනෙක් රටවල්  තමන්ගේ රටේ ජනතාව මුල්කරගෙන, ආර්ථිකය නගාසිටවන්න කටයුතු කරනවා. අපි හැදෙන්නේ නැහැ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්නේ නැහැ. 
 
අද තරුණ තරුණියෝ ඇවිත් කියන්නේ අපිට රජයේ රැකියා ලබා දෙන්න කියලා. මේ වනවිට රජයේ සේවකයින් ලක්ෂ 15 ක්  පමණ සිටිනවා. රට ඉදිරිපට ගෙනියන්න රජයේ සේවකයින් ලක්ෂ 5 ක් 6ක් ප‍්‍රමාණවත්. රටේ ආදායමින් 75% ක් යන්නේ රජයේ සේවයේ වැටුප් වලට. ඉදිරි 25% විශ‍්‍රාම වැටුප් ගෙවනවා. කොහොමද රටේ සංවර්ධනයක් කරන්නේ’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවසීය.
 
(ඡායාරූප : ළහිරු හර්ෂණ)



අදහස් (0)

‘ලංකාව ජාත්‍යන්තරයට ගෙන යාහැකි අයෙක් ජනපති අපේක්ෂකයා කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site