(ජයන්ත සමරකෝන්)
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට විනය පිළිබඳ සාදාචාරාත්මක ප්‍රශ්නයක් ඇති බවත් ශ්‍රීලනිප ලේකම් ධූරයට පහරගැසීමට ඔහුට අවශ්‍යවී ඇති බවත් ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (08) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
පක්ෂයෙන් ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වී ඔහු මෙම ප්‍රකාශය කලානම් වඩා හොඳ බවද මන්ත්‍රීවරයා කීය.
ඔහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ගයක් ගත හැකි වුවද ඇතැම් දේවල් අතහැර දැමීමට සිදුවී ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරණයට පෙර මැතිවරණයක් නොඑන බවද ඒ සඳහා කාලය පෙබරවාරිය දක්වා ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
කොළඹ 10 ඩාර්ලිපාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ අද (08) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඩිලාන්ට විනය පිළිබඳ සාදාචාරාත්මක ප්‍රශ්නයක් ඇති බව දුමින්ද කියයි