IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ගෝඨාභය බලය ඉල්ලන්නේ රට යළිත් රාජපක්ෂ යුගයකට ගෙනයන්නයි’

(නිමල කොඩිතුවක්කු)

ගෝඨාභය රාජපක්ෂ මහතා බලය ඉල්ලා සිටින්නේ යළිත් රට රාජපක්ෂ යුගයක් කරා ගෙන යාමට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගොඨාභය රාජපක්ෂ මහතා කිසිදු අභියෝගයක් නොවන බවත් පැවසූ මන්ත‍්‍රීවරිය ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් ප‍්‍රකාශ වෙන නම් තුනෙන් කවුරු ඉදිරිපත් කළත් පහසුවෙන් ජය ගන්නා බවත් සඳහන් කළාය.

කොළඹ අරලියගහ මන්දිරයේ   අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මේ බව පැවසුවාය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය මෙසේ ද කීවාය.

‘‘ඉදිරි ජනාධිපතිවරණයට එක්සත්  ජාතික පෙරමුණ සූදානම් ද කියලා  සමහරු අපෙන් අහනවා. ඔව් අපි ජනාධිපතිවරණයට සීයට සීක් ලෑස්තියි.  පසුගිය වසර හතර හමාරක කාලය තුළ කිසිදු  රජයකින් නොකළ විශාල සවර්ධනයක් අපි රටේ සිදුකරලා තියෙනවා.

අපි අත්කරගෙන තිබෙන ආර්ථික, සංවර්ධන සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් යොදා ගැනීමට අපි කටයුතු කරනවා. අපි ජනාධිපතිවරණය  වෙනුවෙන් හොඳින් සන්නද්ධ වෙලා  ඉන්නවා.

ගෝඨාභය රාජපක්ෂ සහ පොහොට්ටුවත් එක්ක සන්ධාන ගතවෙලා ඉන්නේ තමුන්ගේ සැමියයි බිරියයි  විතරක් ඉන්න පක්ෂයි. ඇතැම් විට ඔවුන්ට ගෙදර  ඡන්දෙත් නැහැ. එහෙම අයත් එක්ක සන්ධාන ගතක වෙන්න  ඕන කෙනෙක්ට පුළුවන්.

අදටත් රනිල් වික‍්‍රමසිංහට,  සජිත් පේ‍්‍රමදාසට මයික් එක කටේ ගහන්න පුළුවන්.  ඒත් ගෝඨාභය රාජපක්ෂගේ මූනට මයික් එක අල්ලන්න මාධ්‍යය බයයි. එහෙම කරනවා අපි දාකලා නැහැ. මොකද මාධ්‍යවේදීන්ට ඉතිහාසය මතකයි.

රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ඝාතන රැල්ලේ  හොඳම වින්දිතයෙක් මම. පෞද්ගලික  අත්දැකීම් මට තියෙනවා.  මම වගේ මේවට මුහුණ දුන්නු පිරිස්  ඕන තරම් රටේ ඉන්නවා. සමහර මාධ්‍ය ආයතන පවා තමන්ගේ  පෞද්ගලික වාසිය තකා  මේ පුද්ගලයා ගේන්න දත කනවා.

පවුලේ ප‍්‍රශ්න විසඳාගන්න ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කළත් ඉදිරියේ දී මුහුණ දෙන්න වෙන් අභියෝග මහින්ද රාජපක්ෂ මහතාත් දන්නවා.  පොදුජන පෙරමුණ කියන්නේ  රාජපක්ෂවරුන්ගේ  පවුලේ පක්ෂයයි. ඒක හැදුවේ නාමල් රාජපක්ෂ මහතාගේ අනාගතය වෙනුවෙන්. ගෝඨාභය රාජපක්ෂ පැරදුනොත්  ඔහු ඇමරිකාවට යයි.  ගෝඨාභය රාජපක්ෂ මහතා ආවොත් නාමල් රාජපක්ෂ මහතාගේ අනාගතයත් එතනින් ඉවරයි.

ජී. එල් පීරිස්  මහතා කිව්වා ගොඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ අපේක්ෂකයෙක් නෙමෙයිලූ එතුමන්ට කිසිදු  අපේක්ෂකත්වයක් නැහැ. පව් අර පොහොට්ටුවට දෙන ඡන්ද ටික. මොන විහිලූවක්ද මේ.

ගමේ මිනිස්සු ගොඨාභය රාජපක්ෂ ගැන දන්නේ නැහැ. ගමේ අය දන්නේ මහින්ද රාජපක්ෂ මහතා ගැනයි.  නමුත් කොළඹ මිනිස්සුන්ට ගොඨාභය රාජපක්ෂ ගැන ලොකු දැනුමක් තියෙනවා.  වනාතමුල්ල, කොලොන්නාව, බොරැල්ල, මැද කොළඹින් ගිහින් ඇහුවොත් ඔහු ගැන මිනිස්සු කියාවී.

දැන් මොන තරම් මාධ්‍ය නිදහසක් තියෙනවා. ගොඨාභය රාජපක්ෂට නිකමට හරි එක දවසක් ජනාධිපතිවුනොත් බලන්න පුලූවන් මාධ්‍යයට තියෙන නිදහස.  රටේ ජනතාවට මතක් වෙයි කොහොමද ඔබ ජීවත්වුණේ කියලා.

පසුපෙළ මන්ත‍්‍රීවරියක් විදියට ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අපිට තීන්දු තීරණ ගන්න බැහැ. හැබැයි අපේ ආණ්ඩුව මේ තරම් ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත්කළ ජනාධිපතිවරයා සමඟ ඩීල් තියෙන කිසි කෙනෙක් එක්ක මම හිටගන්නේ නැහැ. අපි එතුමන් එකක කටයුතු කළොත් අපේ තියෙන ඡන්දෙත් අඩුවෙනවා.

අපේ පක්ෂයේ නායකයෝ එක මේසෙක වාඩිවෙලා ජනාධිපතිවරණ අපේකෂකයා පිළිබඳ තීන්දුවක් ගත යුතුයි. ඒ අපේක්ෂකයා කරේ තියාගෙන ජයග‍්‍රහණය කරන්න අපි සූදානම්’ යැයි ද මන්ත‍්‍රීවරිය එහිදී පැවසුවාය.

 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර



අදහස් (0)

‘ගෝඨාභය බලය ඉල්ලන්නේ රට යළිත් රාජපක්ෂ යුගයකට ගෙනයන්නයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site