IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් රට ඉදිරියට ගෙන යනවා

(නිමල කොඩිතුවක්කු)

ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන අවධානය යොමු කරමින් රට ඉදිරියට ගෙන යන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.

රාජ්‍ය නොවන ක්‍රියාකාරකම් මත තිබෙන සීමා ඉවත් කිරීම මගින් ආර්ථික ප‍්‍රතිලාභ ඉපයීමට කටයුතු කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා  සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා මේ බව පැවසුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ හා පුහුණු ආයතනයේ පැවති සී. නාරායනස්වාමි මහතා විසින් රචිත Managing Deveiopment People, Policies and Institutions කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස අද (29) පස්වරුවේ එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා මෙසේද කීය.

          ‘‘හැමෝම මේ විෂය ක්ෂේත්‍ර ගැන කතා කළා. මට කියන්න දෙයක් නැහැ. පාලිත එහෙම නැතිනම් අධිකාරියකින් කි‍්‍රයාත්මක වුණු ආර්ථිකය,  වෙළෙඳපොළ ආර්ථික බවට පත් වුණා. චීනය 1977 වසරේදී පසුපසට යමින් තිබූ ආර්ථිකයක් බව මතක් කරන්න  ඕනේ.

එහෙත් අද චීනය කොතැනද ඉන්නේ. චීනය මේ වෙනස්කම් ආරම්භ කළේ 79 අවුරුද්දේ වගේ. අපි ඒ කාලයේ චීනයට ගියා. අද වියට්නාමය කොතැනද ඉන්නේ. මේ දේවල් ගැන අපි බලන්න  ඕනේ.

මේ රටවල් සමාජ සංවර්ධනය කැප කරලා ආර්ථික සංවර්ධනය කළේ නැහැ. ඒ රටවල් ආර්ථිකය වගේම සමාජ සංවර්ධනයත් කළා. ඒ දෙකම සමබරව පවත්වාගෙන ගියා. විශේෂයෙන්ම චීනය සහ වියට්නාමය.

අපි පිළිතුරු සෙවිය යුතු ප‍්‍රධාන ප‍්‍රශ්නයක් හා කරුණක් වන්නේ එයයි. අපි විතරක් නෙමෙයි ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් සියල්ලම මේ ගැන විමසා බලන්න  ඕනේ. මේ ප‍්‍රශ්නයට අපි පිළිතුරු හොයන්න  ඕනේ.

අපේ රාජ්‍ය කළමනාකරණ ව්‍යුහය අනෙක් රටවල් මුහුණ දෙන අභියෝගවලට සමානව මුහුණ නොදුන්නේ ඇයි කියන ප‍්‍රශ්නය අපි අපෙන් අහන්න  ඕනේ. ඒ රටවල එක් පක්ෂ ක‍්‍රමයක් තිබුණු නිසා ද ? නැතිනම් ඔවුන්ට අපට වඩා විනයක් තිබෙන නිසා ද ? මේ ප‍්‍රශ්න අපි අහන්න  ඕනේ.

චීනය දිහා බලන්න. චීනයේ පරිපාලන වගේම දේශපාලන ආකෘතියක් ව්‍යුහයක් තිබෙනවා.

පසුගිය වසර කිහිපයේදී අපි සමාජ ක්ෂේත‍්‍රයේ විශාල ආයෝජන රැසක් කර තිබෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රවල ආයෝජන රැසක් කර තිබෙනවා. 

1 වසරේ සිට 13 වසර දක්ව පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, තොරතුරු තාක්ෂණ විෂය හඳුන්වාදීම යනාදි බොහෝ දේ අපි කර තිබෙනවා. අපි ග‍්‍රාමීය මට්ටමින් භෞතික දියුණුව අත්පත් කරගෙන තිබෙනවා. ගොඩනැගිලි ඉදි කර තිබෙනවා. යටිතල පහසුකම් ඇති කර තිබෙනවා.

අපි දැන් ආර්ථික ප‍්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරන්න  ඕනේ. ඉදිරි වසර පහක කාලයේදී අපි ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගැන බලන්න  ඕනේ.

අපනයන ආර්ථිකයක් වෙන්නේ කොහොමද ? අපේ වෙළෙඳපොළ මොනවාද කියලා බලන්න ඕනේ. අපි විශේෂඥයන් ඉදිරියට යන්නේ මොන ක්ෂේත‍්‍රවලින් ද කියලා බලන්න  ඕනේ. අපිට හැමදේම කරන්න බැහැ. තෝරාගැනීම් කරගෙන ඉදිරියට යන්න  ඕනේ. ආර්ථික ප‍්‍රතිසංස්කරණ කරන්න  ඕනේ.

ඒ වගේම පෞද්ගලික අංශයේ පුරප්පාඩු තිබෙන්නේ ඇයි ? ඒවා පිරෙන්නේ නැත්තේ ඇයි මේ වගේ ගොඩක් දේවල් බලන්න තියෙනවා. රැකියා වෙළෙඳපොළේ තිබෙන නොගැලපීම හඳුනාගන්න  ඕනේ. රැකියා පුහුණුව ආදිය ගැන බලන්න  ඕනේ.

ඒ වගේම ණය ගෙවන ගමන් ආර්ථිකය ස්ථාවර කරන්න තිබෙනවා. අපි උපයාගෙන ණය ගෙවන්න  ඕනේ. ආර්ථිකය ස්ථාවර කරන්න අවුරුදු තුන හතරක් යනවා. දැන් අපි සල්ලි හොයන්න  ඕනේ. ණය ගෙවන්න  ඕනේ. ඒ වගේම ඉස්සරහට යන්නත්  ඕනේ.

ආර්ථික වශයෙන් ප‍්‍රතිලාභ ලබන්න නම් ආර්ථික කටයුතුවලට විතරක් නෙමෙයි රාජ්‍ය නොවන ක්‍රියාකාරකම් මත තිබෙන සීමා ඉවත් කරන්න  ඕනේ. ඒ වගේම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන්නත්  ඕනේ’’ යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.



අදහස් (0)

ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් රට ඉදිරියට ගෙන යනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි
2025 මැයි මස 02 2 0

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි


පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 170 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්
2025 මැයි මස 02 400 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු


සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 682 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 2230 5

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු
2025 මැයි මස 02 571 0

ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 487 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site