IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අගමැති ආවේ ජනාධිපතිවරයාගේ ආරාධනාවකටයි

(නිමල කොඩිතුවක්කු)

විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා  සංශෝධනය  සම්මත කර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සාකච්ඡාවකට සහභාගී වූයේ ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කෙරුණු ආරාධනාවකට අනුව බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට කළ දැනුම්දිමට අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අග‍්‍රාමාත්‍යවරයා  සමඟ තමන් ජනාධිපතිවරයා හමුවීනැයිද අමාත්‍ය රවී කරුණානායක  මහතා කීය.

විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා  සංශෝධනය  සම්මත කර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සහයෝගය දක්වන්නැයි ඒ හමුවේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ යැයිද අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ අදහස් දැක්විමට ප‍්‍රතිචාර දක්වමින්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේ මේ වනවිට එක්සත්  ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද  ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට අවතීර්ණ වී සිටින බවත් විධායක ජනාධිපති ක‍්‍රමය  අහෝසි කිරීමට නම් ඊට විපකෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය අනිවාර්‍යයෙන්ම ලැබිය යුතු යැයි අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළ බවත් රවී කරුණානායක මහතා කීවේය.

ඊට අමතරව පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ අනුමැතිය ද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය බව අග‍්‍රාමාත්‍ය  රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ යැයිද අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් තීරණයක්  ගැනිමට පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවීමට වුවද සූදානම් බව ජනාධිපතිවරයා ඉහත හමුවේදී ප‍්‍රකාශ කළ බවද අමාත්‍ය  රවී කරුණානායක මහතා කීවේය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට   ජනාධිපතිවරයා හමුවූ බවට පලවන වාර්තා සත්‍ය වුවද  ඉහත හමුව සිදුවූයේ ජනාධිපති මෛත‍්‍රීපාල  සිරිසේන මහතාගේ දැනුම්දීම මත යැයි ද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් කීවේය.



අදහස් (1)

අගමැති ආවේ ජනාධිපතිවරයාගේ ආරාධනාවකටයි

angelo nugara Thursday, 29 August 2019 10:57 AM

මෙන්න බුද්දිමත් දේශපාලුවන්. ජනතාවනි 2015 තීරණය නැවත හිතන්න. මේක තවත් කුමන්ත්‍රයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site