IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘දේශපාලන පෙරළියෙන් පසු රටේ පුංචි මිනිසා රජකරන යුගයක් අරඹනවා’

 

(මහේෂ් කිර්තිරත්න)

 

එළඹෙන නොවැම්බර් මාසය වන විට මේ රටේ ලොකුම දේශපාලන පෙරළිය සිදු කර රටේ පුංචි මිනිසා රජ කරන යුගය අරඹන බවත්  සමස්ත රටේ ජනතාවගේ ආරක්ෂාව තමන් බාර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (19) පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ ඊරියගොල්ල ඉදිකළ 257 වෙනි වන ආදර්ශය ගම්මානය වන ශ්‍රීමත් ඇලික් අලුවිහාරේ ගම්මානය විවෘත කිරිමෙන් පසුව පැවති ජනහමුවට එක් වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ අද වන විට ජාතික ආරක්ෂාව කියන වචනය බොහෝ විට කතා වෙනවා. බොහොම පටු ආකාරයට විග්‍රහ කරනවා. මිලිටරි ආරක්ෂාව ගැන. පටුවෙන් විග්‍රහ කරන ඇත්තො එතනින් නතර කරනවා. නුතන ලෝකයේ බොහෝ රටවල් විග්‍රහ කරන විට මිලිටරි ආරක්ෂාවට සිමා වෙන්නේ නැහැ. හරි ආකාරව කතා කරනවා නම් පුළුල් විග්‍රහයක් පාවිච්චි කරන්න ඕනෑ. ආර්ථික හා සමාජ ආරක්ෂාව විග්‍රහ කරන්න ඕනෑ. ශක්ති සම්පන්න ජාතික ප්‍රතිපත්තියක් හැදිය යුතුයි. අපේ රටේ ආරක්ෂක අංශවලට හොද මානසික ශක්තියකින් හොඳ ආත්ම තෘප්තියකින් ලබාදිය යුතුයි. අපේ ආරක්ෂක අංශය මාර්ග හා කුණු ඉවත් කරන්නන් බවට පත් කළා. එහෙම ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ. පසුගිය පාලනය සමයේ සිදු යුද්ධය අවසන් වු අය වු ආරක්ෂක අංශයේ සාමාජිකයින් කාණු සුද්ධ කිරිම සඳහා යොදා ගත් බවත් ඇතැම් විට කුණු ඇදිම සඳහා යොදා ගත්තා. නගර සභාවේ වගකීම ආරක්ෂක අංශවලට ලබා දුන්නා.  රටේ බුද්ධි අංශ සමඟ ඒකාබද්ධ වි රටේ ජනතාව ආරක්ෂා කිරිමට කටයුතු කරන බවත් සමුහ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරමින් රට පාලනය කරන බවද කීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන වසන්ත අලුවිහාරේ, රංජිත් අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න යන මහත්ම මහත්මින් ඇතුළු පළාත් පාලන ආයතන නියෝජතයින් නිවාස ප්‍රතිලාභීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

‘දේශපාලන පෙරළියෙන් පසු රටේ පුංචි මිනිසා රජකරන යුගයක් අරඹනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site