(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ඉතාම ඉක්මනින්ම ලබාගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට පූර්ණ කාලීනව කැපවෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරින් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක සහ හිටපු ඇමැතිවරයෙකු වූ රෙජිනෝල්ඩ් කුරේ මහත්වරු අද (27) පැවැසූහ.
දෙදෙනා මේ බව පැවැසුවේ එස්.බී දිසානායක මහතාගේ නිවසේදී අද පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මේ සාකච්ඡාවේදී අදහස් දැක්වූ එස්.බී දිසානායක මහතා කියා සිටියේ තමා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සම්මේලනයට සහභාගී වුයේ තමන් ගන්නා ඒ ක්‍රියාමාර්ගය සමඟ පක්ෂයෙන් ඉවත් කරන බව හොඳින්ම දැනගෙන බවයි.
පක්ෂය ගත් ඒ තීරණය ගැන තමා පුදුමයට පත් නොවන බවද දිසානායක මහතා එහිදී පැවැසීය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘‘ගෝඨාභය දිනවීමට පූර්ණ කාලීනව කැපවෙනවා‘‘