ශ්රී ලංකාව අන්තවාදය පරාජයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතර රටේ වාර්ගික සාමය සහ සංහිඳියාව ස්ථාපිත කිරීමට සමත්වීම ලෝකයේ අනෙක් රටවලටත් සැබෑ පාඩමක් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිතයකු සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු යසුෂි අකාෂි මහතා අද (20) පවසා ඇත.
ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙමින් යසුෂි අකාෂි මහතා ඒ බව ප්‍රකාශ කළ බව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක් දැක්විණි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (19) පැවැති ‘ජාතික සම්මාන උලළේදී ‘ශ්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගයා වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවය ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන්ට ප්‍රදානය කළ “ශ්‍රී ලංකා රත්න සම්මානයෙන්” ද යසුෂි අකාෂි මහතා පිදුම් ලැබීය.
ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් යසුෂි අකාෂි මහතා දැරූ නොමඳ උත්සහාය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදි ඔහුට ස්තූතිවන්ත විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා සහ ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකොන් යන මහත්වරු ද එම හමුවට එක්වූහ.
055
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලංකාව අන්තවාදය පරාජය කිරීම අන් රටවලට පාඩමක්