IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


‘ලංකාවේ නායකයන් නිදහසින් පසු කළ සේවයට වඩා විශිෂ්ට සේවයක් මම කරනවා’

(මනෝජ් හර්ෂික)
 
නිදහසින් පසුව මෙරට රාජ්‍ය නායකයින් සිදු කළ සේවයට වඩා විශිෂ්ට සේවාවක් රටේ ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට තමන් සුදානම් බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(22) පැවසීය.
 
ජනදුක හඳුනාගෙන ඔවුන්ගේ ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දෙන රාජ්‍ය නායකත්වයක් ඉදිරියේදී රටට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමන්ට ශක්තිය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා මෙහිදී කීය.
 
රාජ්‍ය බලයේ සිටියදී පසුගිය පාලකයින් කෝටි ගණනින් ජනතාමුදල් වැයකර වෙඩි නොවදින නිලරථ ගෙන්වා ගත් බවත්, ඔවුන්ට ජනතාවගේ ජීවිත වලට වඩා තමන්ගේ ජීවිත වැදගත් වූ බව කී අමාත්‍යවරයා,තමන්ට වැදගත් වන්නේ පොදු ජනතාවගේත්,රටේ දරු පරපුරේත් ජිවිත බවද එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
 “සැමට සහන” වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ,වලස්මුල්ල, බටගස්ස, කිරම ඔය හරහා ඉදිකළ “මහරජ වලගම්බා” පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘ලංකාවේ නායකයන් නිදහසින් පසු කළ සේවයට වඩා විශිෂ්ට සේවයක් මම කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site