(නිමල කොඩිතුවක්කු)
පන්සල් සහ භික්ෂුන් වහන්සේ යොදා ගනිමින් තම දේශපාලනයේ නිරත වූ පිරිස් පන්සල් සහ භීක්ෂූන් වහන්සේ වෙනුවෙන් සිදුකළ කිසිවක් නැතැයි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවැසීය.
මහනායක හිමිවරුන් බහැ දැකීම සඳහා තුටු පඩුරු රැගෙන ගියත් සමස්ත භික්ෂූන් වෙනුවෙන් සහ බුද්ධ ශාසනය නගා සිටුවීම වෙනුවෙන් ඔවුන් කළ කිසිවක් නොමැති බවත් කී මන්ත‍්‍රීවරයා එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ රට ජාතිය නගා සිටුවීම සඳහා විශාල වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක බවත් සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා මෙසේද කීය.
‘‘මේ දවස්වල ආයෙත් ඇමෙරිකානු මැදිහත්මක්, ඇමරිකන් කුමන්ත‍්‍රණයක් ඇමෙරිකා ගිවිසුම් ගැන කියමින් විමල් වීරවංශ මහත්තයා ඇතුළු පිරිසක් ආයෙත් තලු මරනවා. මැක්කෙකුට බල්ලෙක් නැතුව ගමනක් යන්න බෑ වගේ ඒ අයට මේ රටේ ජාතිවාදය අවශ්‍යයි. ඒ වෙනුවෙන් මේ අයට හැම තිස්සේම විදේශීය බිල්ලන් අවශ්‍යයි.
ඇමෙරිකාව සමඟ මේ ඇක්සා ගිවිසුම අත්සන් කළේ 2007 වසරේදී ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනෙකු විසිනුයි. ඒ අනුව රොබෙට් ඕ බ්ලේක් කියන පුද්ගලයා සහ ගෝඨාභය රාජපක්ෂ කියන මේ ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනා තමයි මේ ගිවිසුම අත්සන් කළේ. දැන් මේ කරලා තියෙන්නේ මේ ගිවිසුම නැවත බලගැන්වීමක් විතරයි.
දැන් අපේ රජය යටතේ සියලූම භික්ෂූන් වහන්සේ රක්ෂණය කිරිමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 40,000 කට ආසන්න භික්ෂුන් වහන්සේට මෙහි ප‍්‍රතිලාභ හිමිවෙනවා. අපේ දේහපාලඥයෝ මේ මහා සංඝ රත්නය පාවිච්චි කරමින් ඔවුන්ගේ පිටේ නැගලා තමන්ගේ දේශපාලන ගමන ගියා මිසක් මහා සංඝ රත්නයට දුන්නු දෙයක් නැහැ.
සමහර වෙලාවට මහානායක හිමිවරු බැහැ දකින්න තුටු පඩුරු, කඳමලූ එල්ලාගෙන ගියා මිසක් මේ රටේ සමස්ත භික්ෂු පරපුර වෙනුවෙන් මේ අය කරපු දෙයක් නැහැ. අපේ රජය යටතේ පන්සල් සහ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරගෙන යනවා. මේ භික්ෂු රක්ෂණයත් එහි එක් පියවරක්’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර

2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පන්සල්වල දේශපාලනය කළ අය පන්සල්වලට කළ දෙයක් නෑ’