(මොහොමඩ් ආසික්)
ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගෙන ජනාධිපති වීමෙන් පසුව පැයක්වත් රනිල් වික්‍රමසිංහට ආණ්ඩු කරන්න ඉඩ නොදෙන බව අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා කීය.
අද (30) වැනිදා කටුගස්තොට බෞද්ධ බල මණ්ඩල ශාලාවේ පැවැති පෙදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රිත් ගොවි සමුළුව අමතමින් ඒ මහතා එසේ කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙසේද කීය.
‘‘අපි දන්නා තරමින් හා මැතිවරණ කොමිසම කියන විදිහට නොවැම්බර් මාසයේ විසි ගණන්වල තමයි ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ.
අපි හිතමු නොවැම්බර් 23 වැනිදා ඡන්දය තියෙනව කියලා 25 වැනිදා වෙන කොට අපි මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක් හදනවා. එහෙම හදන්න පුළුවන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මන්ත්‍රීවරු 44 යි හිටියේ.ඒත් අගමැති කළානේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වෙලා පැය 24 ක් යන්න කලින් අගමැති හැටියට පත් කළා. අපිට එහෙම නෙවෙයිනේ.අපිට මන්ත්‍රීවරු 100 කට ආසන්න සංඛාවක් දැනටමත් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගියාට පස්සේ ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණාම රනිල් වික්‍රමසිංහට දවසක්වත් ආණ්ඩු කරන්න ඉඩ නොදෙන බවද එස්.එම්.චන්ද්‍රසේන මහතා කීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගෝඨාභය ජනපති වුණ ගමන් පැයක්වත් ආණ්ඩු කරන්න රනිල්ට දෙන්නේ නෑ