(නිමල කොඩිතුවක්කු)
 
වසර  එකොළහකට පසුවත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය ලතවනබව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
රටට නායකයන් බිහිකළ එක්සත් ජාතික පක්ෂය පත්ව ඇති තත්වය සම්බන්ධයෙන් කනගාටුවෙන බවත්  මන්ත්‍රීවරයා  සඳහන් කළේය.
 
විපක්ෂනායක කාර්යාලයේ අද(21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද කීය.
                
“පළාත් සභා මැතිවරණය නෙමෙයි අද අවශ්‍යතාවය.  ඒ පිළිබඳ මත විමසන්න තිබුණේ  මීට බොහෝ කලින්. පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් එවලා තියෙනවා. එතුමා කියනවා මන්ත්‍රීවරුන්ට  ව්‍යවස්ථාදායකයේ  කාර්යභාර්ය ඉටුකරන්නයි තියෙන්නේ කියලා.
                
දැන් එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බැරිවෙලා තියෙනවා. 2018 ෆොන්සේකා මහතා ඉදිරිපත් කළා. 2015 දී අපේ මහලේකම්තුමන්ව  පොදු අපේක්ෂකයා විදියට හංසයා ලකුණින් ඉදිරිපත් කළා.  ජනාතා විමුක්ති  පෙරමුණ  අවුරුදු 20 කට පස්සේ මෙවර අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා තියෙනවා.  එක්සත් ජාතික පක්ෂයත් අවුරුදු 11 කට පස්සෙ තමයි මේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න හදන්නේ. ඒකෙත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරගන්න බැරුව දඟලනවා” යැයිද ඔහු එහිදි පැවැසීය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘වසර 11කට පසුවත් එජාපයට අපේක්ෂකයකු ඉදිරිපත් කරගන්න බැරිවෙලා’