IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


2020 ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභයයි

(හැටන් රංජිත් රාජපක්ෂ)                       
ශ්‍රී ලංකාවාසි ජනතාවට හෙට (11) ඓතිහාසික දිනයක් වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියාසිටියේ අද (10) නාවලපිටියේ පිහිටි මහින්දානන්ද පදනම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණේ නායකත්වය හෙට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී 2020 ජනාධිපති අපෙක්ෂකයා ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා නම් කරන බවයි.

හෙට දින රටේ ජනතාව ජාතික කොඩිය අතැතිව ප්‍රධාන මාර්ගවලට පිවිස කැවුම්, කිරිබත් කා ප්‍රීතිවන දවසක් බවට පත්වන බව ඔහු පැවසීය.

ජාතික  ආරක්ෂාවට වගකිය නොහැකි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ වන විට කොටස් 5කට කැඩීඇති බවත්, කිසිසේත් එම බෙදීම තුළ එක්සත් ජාතික පෙරමුණට සන්ධානයක් ගොඩනැගීමට හෝ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට නොහැකි බව මන්ත්‍රිවරයා  වැඩිදුරටත් කියා සිටියේය.

2020 ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන ගොඨාභය  රාජපක්ෂ මහතාට උතුරු නැගෙනහිර ඇතුළු වතුකරයේ දේශපාලන නායකයන් සහයෝගය දැක් විමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්, රට ගොඩනැගීමට සුදුසුකම් ඇති මේ රටේ එකම ජනාධිපති අපේක්ෂකයා ගොඨාභය රාජපක්ෂ මහතා බවත් හෙතෙම පැවසීය.



අදහස් (0)

2020 ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site