හරක් කටා එස්.අයිගේ පිස්තෝලය උදුරාගන්න සී.සී.ටී.වී සටහන් නෑ නදුන් චින්තක හෙවත් හරක් කටා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සහ කළ බව කියන සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධතියේ සටහන් වී නොමැති බව එම ආරංචි මාර්ග පවසයි. 14 September 2023
අයි.එම්.එෆ් සමාලෝචන සාකච්ඡා ඇරැඹෙයි ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමට අදාළ සමාලෝචනයේ අවසන් සාකච්ඡාව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ලබන 26 වැනිදා පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. 14 September 2023
කසිප්පු වැටලීමට ගිය කොස්තාපල් අතුරුදන් කිලිනොච්චිය , මලයාලපුරම්, පුදුඅයියන්කුලම ඇළ ආසන්නයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල්වරයකු අද(14) සවස අතුරුදහන්ව ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි. 14 September 2023
තුන් බියකින් අක්කර හැටපන්දාහක් විනාසයි නියඟය, අධික වර්ෂාව හා සේනා දළඹු හානිය නිසා මේ වන විට අක්කර 65,871.32ක් වගා හානි සිදුව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 14 September 2023
රැඳවියන්933 කට ජනපති සමාව විසිපස්වැනි ජාතික සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 933 කට සමාව පිරිනැමීමට රජය තීරණය කර ඇතැයි බන්ධනාගාර මාධ්ය ප්රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය. 14 September 2023
තරුණියකට ලිංගික අතවර කළ අයි.පී. ට වැඩවරදී බස් රථයක දි තරුණියකට ලිංගික අතවර කළ බව කියන පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දී පොලිසියට භාරදීමට තරුණියගේ පියා ඇතුළු කණ්ඩායමක් කටයුතු කළ බව යටියන්තොට පොලිසිය කියයි. 14 September 2023
නිරන්ජලා සරෝජනී අනතුරක ප්රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී මහත්මිය උඩහමුල්ල ඇඹුල්දෙණියේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි මිරිහාන පොලීසිය පවසයි. 14 September 2023
ගාලු මෝදරට මළසිරුරක් ගොඩ ගසයි කොළඹ ගාලුමෝදර ට පිරිමි මළසිරුරක් ගොඩ ගසා ඇතැයි කොටුව පොලිසිය කියයි. 14 September 2023
විශ්රාම ගිය වෛද්යවරු 500ක් කොන්ත්රාත් පදනම යටතේ සේවයට වයස 63න් පසු විශ්රාම ගිය විශේෂඥ වෛද්යවරුන් ඇතුළු වෛද්යවරුන් 500කට ආසන්න පිරිසක් ඔවුන්ගේ කැමැත්ත මත කොන්ත්රාත් පදනම යටතේ නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 14 September 2023
ශ්රී ලාංකිකයන්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා ශ්රී ලාංකික ශ්රමිකයින්ට කොරියාවේ නව රැකියා ක්ෂේත්රයන් විවෘත කිරීමට සහ කොරියානු රැකියා ප්රමාණය ඉහළ දැමීමට අවශ්ය පියවර ගැනීමට කොරියානු කම්කරු සහ රැකියා අමාත්ය ලී යුංග් සීක් මහතා එකඟතාව පළකළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 14 September 2023
බරපතල අකටයුතු දෙකකට 2025ට පෙර වැට ශ්රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදී මූල්යකරණයට එරෙහි නෛතික රාමුව 2025ට පෙර ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත. 14 September 2023
අයි.එම්.එෆ් ගැන නවතම වාර්තාව එළියට අගෝස්තු මාසය අවසන් වන විට ශ්රී ලංකාව ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහනට අදාළව ඉටුකළ යුතු කැපවීම් 57 න් ඉටුකර ඇත්තේ 38 ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 14 September 2023
පළමු ගල්අඟුරු නෞකාව එයි නොරොච්චෝල ගල්අගුරු බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා 2023-24 වාරයට අවශ්ය ගල්අගුරු ආනයනය ආරම්භ කරමින් පළමු ගල් අඟුරු තොගය ගොඩබෑම අද (14) ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පැවසීය. 14 September 2023
ඉංග්රීසි ගුරාගේ වැඩ තහනම් කුරුණෑගල නගරයේ ප්ර සිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය වාර්තාවීමත් සමගම ඒ පිළිබඳව අවධානය යොමු කළ වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සැකකාර ගුරුවරයාගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. 14 September 2023
සමනළවැවේ කාන්දු වහන්න කෝටි 10ක වියදමක් සමනළවැව ජලාශයේ ජල කාන්දු වැසීමට රුපියල් කෝටි 10 ක පමණ වියදමක් ඇස්තමේන්තු කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 September 2023
විදුලිබලය ප්රතිව්යුහගතකරණයට කැනඩාවෙන් තාක්ෂණික සහය ලංකා විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ ව්යාපෘතියට කැනඩා තාක්ෂණික සහය දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පැවසීය. 14 September 2023
ඉංග්රීසි ගුරාට ඇප කුරුණෑගල නගරයේ ප්ර සිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ කුරුණෑගල මූලස්ථාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් එම පාසලේ ඉංග්රීසි ගුරුවරයෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කුරුණෑගල ප්රධාන මහේස්ත්රාත් බන්දුල ගුණරත්න මහතා අද (14) නියෝග කළේය. 14 September 2023
මැතිසබයෙන් මුදල් කොමිසමට නියෝගයක් පළාත් සභා ක්රියාත්මක නොවන මෙම කාල සීමාවේදී එම සභාවලට දෙන මුදල් විනිවිද භාවයකින් පරිහරණය කරන ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් කොමිෂන් සභාවට උපදෙස් දුන්නේය. 14 September 2023
බැංකු පනත් දෙක මාස දෙකකට පසු බලාත්මක වේ ශ්රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත එම පනත් සම්මතවී මාස දෙකකට පසු අද (14) සිට බලාත්මක විය. 14 September 2023
‘ලෝක කුසලානය’ ශ්රී ලංකාවේ සංචාරයක ඉන්දියාවේදී ලබන ඔක්තෝමබර් මස 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශූරතා කුසලානය මේ දිනවල ශ්රී ලංකාවේ ප්රදර්ශනය කරයි. 14 September 2023
බොන්න වතුර ඉල්ලා ගැමියෝ මහ පාරට බසිති ලුණුගම්වෙහෙර, පඩිකැපූ හෙල සහ සීනුක්කුව පිළිමහෙල, තම්මැන්නාව ගම්මානයන්හි ගම්වැසියන්ට බීමට ජලය ලබාදෙනලෙස ඉල්ලමින් ලුණුගම්වෙහෙර ජල සම්පාදන මණ්ඩලය අභියසට පැමිණ උද්ගෝෂණයක නිරතවූහ. 14 September 2023
උසස් පෙළ කාලසටහන මෙන්න අපොස උසස් පෙළ විභාගය 2023 ලබන නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 21 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 14 September 2023
ශ්රී ලන්කන් ගුවන් සේවයට රට ගුවන් නියමුවන් රටේ ඇතිවූ අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ශ්රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන් හැටකට ආසන්න පිරිසක් එම සමාගමෙන් ඉවත්ව ගොස් ඇතැයි එහි ආරංචි මාර්ග වලින් පැවසේ. 14 September 2023
ඌව වෙල්ලස්ස සරසවි අදියුරෝ විරෝධයක ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ ආචාර්ය සංගමය අද (14) දහවල් ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවක නිරතවූහ. 14 September 2023
මිත්තනිය මිණිපිරිය මරලා 12 හැවිරිදි දැරියක කෝපායි ප්රදේශයේ ලැගුම්හලක් වෙත රැගෙන ගොස් නිදිපෙති හා ඉන්සියුලින් එන්නතක් ලබා දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 63 කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය පවසයි. 14 September 2023
නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ් නීති්ය්යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හා හිටපු නියෝජ්ය අමාත්ය නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 21 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්රධාන මහේස්ත්රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය. 14 September 2023
ඉන්ධන පිරවුම්හල්වලට ස්වයංක්රීය පොම්ප මෙරට සියලුම ඉන්ධන පිරවුම්හල් සදහා ස්වයංක්රීය පොම්ප සහ තොග ලබාගැනීමේ උපකරණ ලබන වසරේ සවිකිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 14 September 2023
රැඳවියකු බය කළ සිද්ධියට හිටපු අමාත්ය ලොහාන්ට ඇප බන්ධනාගාර හා ප්රතිසංස්කරණ රාජ්ය අමාත්යවරයා ලෙස සිටිමින් රාත්රි කාලයේ අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු වී එම බන්ධනාගාරයේ රදවා සිටි දමිළ ජාතික රැදවියකු දෙසට ගිනි අවියක් එල්ල කොට වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධි බිය වැද්දීමක් සිදු කර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින වැවිලි කර්මාන්ත රාජ්ය අමාත්ය ලොහාන් එවින්ද රත්වත්තේ මහතා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙ 14 September 2023
SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල 22 වැනි වරටත් ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට සන්නාමවල විශිෂ්ටත්වය ඇගයීමට ලක්කරනු ලබන SLIM Brand Excellence එළිදැක්වීමේ උත්සවය ’Logic Behind the Magic’ තේමා පාඨය යටතේ පසුගිය දා පවත්වන ලදී. ‘ශක්තිමත් සන්නාම නිර්මාණය කිරීමේදී නවෝත්පාදන සමඟ උපායශීලී ක්රමෝපාය ද යොදා ගැනීමේ වැදගත්කම සමාජය වෙත රැගෙන යෑම’ මෙම නව තේමා පාඨයේ අරමුණයි. 14 September 2023
හොඳම දූපත් අතරින් 13 වැනි තැන අපිට මෙම වසරේ සංචාරය කිරීමට සුදුසු ලෝකයේ හොඳම දූපත් 50 අතරින් 13 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් වී ඇත.මෙම ශ්රේණිගත කිරීම සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්රැවල් වෙබ් අඩවිය විසින් ප්රකාශයට පත් කරනු ලැබ ඇත. 14 September 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026