නාඋල සොබා දහම් ගොවිපොළ කාබනික හෝ කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොයොදා කන්ද උඩරට වගාකෙරෙන කැරට් ඇතුළු එළවළු වගාවන් රැසක් නාඋල හාඩුව ප්‍රදේශයේ ගොවිපලක අස්වනු නෙලීම මේ දිනවල සිදු කෙරේ. 01 September 2018
හම්බාවෙක් හාලිඇලින් හමුවෙයි ශ්‍රී ලංකාවෙන් වදවී යන ඉතා දුර්ලභ ගණයේ හම්බාවකු හාලිඇල නුගසෙවනගම ප්‍රදේශයේ නිවසකින් හමුවී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි. 01 September 2018
සුසැදි දේශයක් උදෙසා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සංවිධානය කළ ’’ සුසැදි දේශයක් උදෙසා ජනතා මෙහෙවර ’’ යන මැයෙන් අල්ලස සහ දුෂණය නිවාරණය පිණිස දිවයිනෙහි පළමු වරට සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (1) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 01 September 2018
පොලිස් ඉතිහාසය පිළිබඳ ග්රන්ථ තුනක් එළිදකි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ආතර් ක්ලීටස් ඩෙප් මහතා විසින් රචිත පොලිස් ඉතිහාසය පිළිබඳ ග්රන්ථ තුනක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (30) එළි දැක්විණි. 30 August 2018
අතුරුදන්වුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්නැයි උද්ඝෝෂණයක් අතුරුදන්වුන් වෙනුවෙන් සාධාණයක් ඉටු කරන්නැයි ඉල්ලමින් සම අයිතිය ව්‍යාපරය සංවිධානය කළ උද්ඝෝණයක් කොළඹ කොටුවේදී අද (30) පැවැත්විණි. 30 August 2018
සමුද්‍රීය දුෂණ වැළක්වීමේ වේගමුර යාත්‍රා දෙකක් නාවික හමුදාවට ජපන් රජය පරිත්‍යාග කළ සමුද්‍රීය දුෂණ වැළක්වීමේ වේගමුර යාත්‍රා දෙකක් නාවික හමුදාවට බාර දීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේදී පැවැත්විණි. 30 August 2018
සුමති ටෙලි සම්මාන උළෙල විසි තුන්වන වරටත් සංවිධානය කරන පුංචි තිරයේ කලා මංගල්‍යය සුමති ටෙලි සම්මාන උළෙල ඊයේ (29) රාත්‍රී කොළඹ නෙළුම්පොකුණත රඟහලේ දී පැවැත්විණී. 30 August 2018
ජපන් විදෙස් ඇමැති-අගමැති රනිල් අතර හමුවක් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා ඇතුළු දූත පිරිස අද(29) අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේදී සුහද හමුවකට එක්වූහ. 29 August 2018
අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ කොළඹදී නිහඬ විරෝධතාවක අගෝස්තු 30 වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර අතුරුදන්වූවන්ගේ දිනයට සමගාමීව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු ශාඛාව සංවිධානය කළ සහයෝගීතා වැඩසටහනක් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (28) පැවැත්විණි. 28 August 2018
නල්ලූර් කොවිලේ පූඡාවට ලක්ෂයකට අධික බැතිමතුන් යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික පුඡාව මේ වන විට ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටිති. 27 August 2018
‘සණස‘ 40 වැනි සැමරුම් උළෙල සණස ව්‍යාපාරයේ 40 සැමරුම් උළෙල සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි . 26 August 2018
ප්‍රතිසංස්කරණය කළ රන් වියන දළදා වහන්සේට පූජා කෙරේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන දළදා වහන්සේ වෙත පූජා කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 26 August 2018
දළදා පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (25) රාත්‍රී වීදි සංචාරය කෙරුණු අතර අද (26) අලුයම 1 පසු වී විනාඩි තුනට දිය කැපීමේ චාරිත්‍රය සිදු කළේය. 26 August 2018
ජැක්සන් - සමනලී - මහේන්ද්‍ර - නදී සිග්නිස් සම්මාන ලබති සීග්නිස් උත්තමාචාර 2018 සිනමා සහ ටෙලි සම්මාන උළෙල ඊයේ (25) පස්වරුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. 26 August 2018
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම පහළ බැහැලා පසුගිය වසර කීපයක සිට ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට වැසි නොලැබිම නිසා ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ට්ම අක්කර අඩි 51000 දක්වා පහත බැස තිබේ. 26 August 2018
අවසන් දළදා රන්දෝලි පෙරහර වීදි සරයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නිකිණි පෝදා වීදි සංචාරය කිරීම ඇරඹුණ අතර අති විශාල ජනතාවක් පෙරහර නැරඹීම සඳහා රැස් වී සිටියහ. 26 August 2018
මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ නිකිණි පුජා මහෝත්සවය අද හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පුජා මහෝත්සවයේ මහා රථ පෙරහැර අද ( 25 දා ) යෙදි තිබු නිකිනි පුන් පොහෝ දින මධ්‍යහ්න 12 ට සුභ මොහොතින් විථි සංචාරය කිරිම ආරම්භ විය. 25 August 2018
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු මැතිවරණ කොමිසමේ දී උද්ඝෝෂණයක් පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස බලකරමින් ඒකාබද්ධ විපක්ෂය පළාත් සභා මන්ත්‍රීවරු මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (24) උද්ඝෝෂණය කළහ. 24 August 2018
ගුවන් සමාගම් ලොක්කෝ දෙවැනි දිනටත් ජනපති කොමිසමේ ශ්‍රී ලංකා එයාර්ලයින් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ දෙවැනි දිනටත් අද (24) එහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා පෙනී සිටියේය. 24 August 2018
ඇමෙරිකාවේ ඇන්නෝරජ් නෞකාව ත්‍රීකුණාමලයට ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් “ඇන්නෝරජ්“(Uss Anthorage) නැමැති නෞකාව අද (24) ත්‍රිකුණාමලය වරායට සේන්දුවිය. 24 August 2018
ඉදිකිරීමේ ප්‍රදර්ශනය - 2018 ඇරැඹේ ‘‘ඉදිකිරීම් ප්‍රදර්ශනය - 2018’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් අද (24) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරණායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දි විවෘත කෙරිණි. 24 August 2018
පැවැති මිලටම ඉන්ධන දෙන්නැයි ධීවර සංගමය උද්ඝෝෂණයක බහුදින ධීවර යාත්‍රාවලට පැවැති මිලටම ඉන්ධන ලබා දෙන්නැයි පවසමින් බහුදින ධීවර හිමියන්ගේ සංගමය අද (23) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීණි. 23 August 2018
නිළි රැජිනගේ සිනමා දිවියේ 50 වැනි වසර සැමරේ සිනමා ක්ෂේත්රයේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් ප්‍රවීන රංගන ශිල්පිනී ආචාර්ය මාලිනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට 50 වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි. 23 August 2018
දෙවැනි රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ දෙවැනි රන්දෝලි පෙරහර අද (22) දින රාත්‍රී 7 පසුවී විනාඩි 02 ට දකුණු දිශාභිමුඛව ගමන් ඇරැඹීය. 22 August 2018
යාපනයට ගිය ජනපතිට සිවාජලිංගම්ගෙන් උණුසුම් පිළිගැනීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උතුරට පැමිණෙන සෑම අවස්ථාවකම වීරෝධතාවය දැක්වූ උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා අද(22) ජනාධිපතිවරයා යාපනය කන්කසන්තුරය ධීවර වරායට පැමිණි අවස්ථාවේ උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අයුරු දක්නට ලැබිණි. 22 August 2018
හජ් උත්සවය සමරමින් ඉස්ලාමීය බැතිමතුන් අද (22) සමරනු ලබන හජ් උත්සවය වෙනුවෙන් වූ දේව මෙහෙයන් අද දවසේ සෑම මුස්ලිම් දේවස්ථානයකදීම මෙන්ම විවෘත භූමියන් තුලද සිදු විය. 22 August 2018
මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (21) රාත්‍රී 7.37 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ කළේය. 21 August 2018
විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් බලශක්තිය අරපරිස්සමෙන් පාවිච්චි කළ රජයේ හා පෞද්ගලික ආයතන 30කට අද (21) සම්මාන පිරිනැමිණ. 21 August 2018
පුත්තලම වෙරළේ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරිම අරඹයි වාරකන් සමයත් සමඟ පුත්තලම වෙරළ තීරයට ගසා ගෙන විත් තිබු සායනික අපද්‍රව්‍ය ඇතුළු කැලි කසළ අද (21) දින සිට සම්පුර්ණයෙන් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබුණි. 21 August 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026