ආරක්ෂක රාජ්‍ය ඇමැති බංගලි නැවේ නිරීක්ෂණයක බංගලිදේශ නාවික හමුදාවට අයත් සොමුදා ජොයි නෞකාව මේ දිනවල කොළඹ වාරායට පැමිණ ඇත. 14 September 2018
දුර්ලභ ඝනයේ හම්බාවෙක් නිකවැරටියෙන් සොයා ගනී නිකවැරටිය වනජීවි කලාපයට අයත් ගෝනගම ප්‍රදේශයේ ගෙවත්තක අනතුරකට ලක්ව වැටී සිටි ’’හම්බාවෙකු’’ අද (13) නිකවැරටිය වනජීවි නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ. 13 September 2018
හිටපු ජනපති ඉන්දීය අගමැති හමුවෙයි ඉන්දීය අගමැති නරේද්‍රසිං මෝඩි හා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර සුහද පිළිසදරක් අද සවස නව දිල්ලි නුවර රාශ්ඨපති භවන්හී දී සිදුවිය. 12 September 2018
රියදුරු පුහුණු හිමිකරු- උපදේශක සේවක එකමුතුවේ උද්ඝෝෂණය රියදුරු පුහුණු පාසල් හිමිකරුවන්, පුහුණු උපදේශකයන් සහ සේවක එකමුතුවේ මෙහෙයවීමෙන් විරෝධතා උද්ඝෝෂණයක් අද(12) දහවල් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්විණි. 12 September 2018
නියගයෙන් පීඩා විදින කිලිනොච්චිය වැසියන්ට යුද හමුදාවෙන් පානීය ජලය කිලිනොච්චිය දිස්ත්‍රික්කයට මේ දින වල බලපා ඇති නියං තත්වය හේතුවෙන් එහි ජනතාව දැඩි පානීය ගැටලුවකට මුහුණ පා ඇති හෙයින් එම ජනතාවට පානීය ජලය ලබා දීමේ වැඩසටහනක් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන තිබේ. 12 September 2018
වැට්බදු ආපසු ගෙවීමේ කවුන්ටරය විවෘත කරයි ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදුණු විදේශීය සංචාරකයන් රට තුළදී ලබා ගත් භාණ්ඩ මත අය කළ බදු මුදල් ආපසු ගෙවීමේ කවුන්ටරය අද (11) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් විවෘත කෙරිණි. 11 September 2018
සයිටම් සිසුහු ජනපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක වෛද්‍ය උපාධි සිහිනය බොඳ නොකර පොරොන්දු වූ පරිදි වහාම තමන්ව කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලකර සිටීමේ නිහඬ විරෝධතායක් සයිට්ම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුහු අද (11) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුහ. 11 September 2018
ඉදිවන තාක්ෂණික නගර ව්‍යාපෘතියට විරෝධය පා උද්ඝෝෂණයක් හෝමාගම, පාදුක්ක හා හොරණ කේන්ද්‍ර කර ගනිමින් ඉදිවන තාක්ෂණ නගර ව්‍යාපෘතියට විරෝධය දක්වා හෝමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය සංවිධනය කළ උද්ඝෝෂණයක් අද (11) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්විණි. 11 September 2018
ආයුර්වේද සුවසේවා සංගමයේ විරෝධතාවයක් වැඩිවන ජීවන වියදමට සරිලන වැටුප් වැඩි කිරීම, නව විෂය නිර්දේශය සකස් කිරීම කඩිනම් කිරිම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් රාජගිරිය ආයුර්වේද වටරවුම අසලදී පැවැත්විණි. 11 September 2018
දැල්පන්දු ශුරියෝ දිවයිනට එති සිංගප්පූරුවේ පැවති ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) අලුයම යළි දිවයිනට පැමිණියේය. 11 September 2018
අධික වේගයෙන් ගිය බිත්තර ලොරිය පෙරළෙයි කොළඹ සිට යාපනය දක්වා බිත්තර 12,000 ක් ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී පෙරැළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඕමන්ත පොලීසිය පවසයි. 11 September 2018
තෙල් කාන්දුවෙන් ඇති වූ පරිසර හානිය අවම කරන්න නාවික හමුදා සහය මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන නලයක් පුපුරා යාමෙන් සිදු වු තෙල් කාන්දුවෙන් දික්ඕවිට සිට උස්වැටකෙයියාව වෙරළ තීරයේ විසිරී ඇති තෙල් ඉවත් කිරීමේ පාරිසරික මෙහෙයුම නාවික හමුදාව සහ ඛනිජ තෙල් නීතීගත සංස්ථා උපදෙස් මත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ. 09 September 2018
කෝට්ටේ වාර්ෂික ඇසළ පෙරහර ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ මහා පෙරහර විදී සංචාරය කෙරිණි. 09 September 2018
අවසන් මහා සරුංගල් සැණකෙළිය කල්පිටියේ කල්පිටිය සංචාරක පුරවරයේ දිය මත සරුංගල් පැදීමේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා සරුංගල් සැණකෙළිය කල්පිටිය කුඩාව වෙරළ තීරයේ දී ඊයේ (8) පැවැත්විණි. 09 September 2018
සිංගප්පූරු ගිවිසුමට විරෝධය පා ජවිපෙ පත්‍රිකා බෙදයි ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර වෙළඳ ගිවිසුමට විරෝධය දක්වා ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාව දැනුවත් කිරිමට අත්පත්‍රිකා බෙදා දීමක් අද (7) පිටකොටුව බෝධිය අසල දී සිදුකෙරිණි . 07 September 2018
බොර දියේ මාළු බාති මේ දිනවල ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි පවතින අධික වියලි කාලගුණක තත්ත්වය ජනතාවට මෙන්ම ජීවීන්ටද දැඩිව දැනෙන්නට පටන් ගෙන තිබේ. 07 September 2018
ඒකාබද්ධ යුද අභ්‍යාසයට ඉන්දීය නෞකා තුනක් ත්‍රි‘මලේ වරායට ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දීය නාවික හමුදාව අතර ආරම්භ වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකා තුනක් අද (7) ත්‍රිකුණාමල වරායට සේන්දු වුහ. 07 September 2018
මන්දකට හසුවී පිඹුරාට වනජීවියෙන් ප්‍රතිකාර අම්පාර උහන දෙමටමල් පැලැස්ස ප්‍රදේශයේදී මන්දකට හසුවී තුවාල ලැබු පිඹුරෙකුට අම්පාර වනජීවී සෞඛ්‍ය ඒකකයේ සේවකයින් විසින් ප්‍රතිකාර කරනු ලැබිය. 06 September 2018
එජාප 72 වැනි සංවත්සරය සැමරේ එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (6) අභිමානවත් අයුරින් පැවැත්විණි. 06 September 2018
දුම්රිය ප්‍රමාදයෙන් මගීන් අසිරුවට දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ගම්පහ දුම්රියපොළ වෙත පැමිණි පිරිස් අපහසුතාවයට පත් වු අයුරු 06 September 2018
හිටපු ජනපතිත් ජනබලයට එයි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ සාකච්ඡාවක් විජේරාමයේ පිහිටි හිටපු ජනපතිගේ නිල නිවසේ පැවැති අතර ඊට සහභාගී වූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ජන බල රැලියට සහභාගීවීමට පිටව ගියහ. 05 September 2018
පෙරියාරු ගඟේ එරී මිය ගිය 8 වැනි අලියාගේ සිරුරත් ගොඩගනී පොලොන්නරුව පූදුර් ගම්මානයට අසන්නව පෙරියාරු ගඟේ තුන්මොදර ප්‍රදේශයේ දියේ ගිලි මියගිය 8 වැනි වන අලියාත් අද (04) හමු වූ බව පොලොන්නරුව වනජිවි කාර්යාලයේ නිලධාරිහු පැවසූහ. 04 September 2018
පාසල් දරුවෝ මඩුකන්ද වැවේ මසුන් බේරාගනිති ජලය නොමැති වීමෙන් මිය යාමට ආසන්නව සිටි මසුන් බේරා ජලය ඇති ළිං තුළට දැමීමේ ක්‍රියාවක නිරත වීමට වව්නියාව මඩුකන්ද ප්‍රදේශයේ තරුණ පාසල් සිසුන් පිරිසක් පසුගියදා කටයුතු කළේය. 04 September 2018
152 වැනි පොලිස් දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන් 152 වැනි ජාතික පොලිස් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයෙදී අද (03) පැවැත්විණි. 03 September 2018
ඉස්සන් කොටුවට පැන්න හැළ කිඹුලා අල්ලා ගනී පුත්තලම - මනතිව් ප්‍රදේශයේ ඉස්සෝ කොටුවකට පැන සිටි හැළ කිඹුලෙකු අල්ලා ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකය කියයි. 03 September 2018
ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක් භික්ෂූන් වහන්සේලා සිරගත කිරීමට එරෙහිව, සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මාතෘභූමි සුරක්ෂයෝ සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ කොටුව ලෝටස් පාරේ දී පැවැත්වේ. 03 September 2018
මඩේ එරී අලි පස් දෙනෙක් මිය ගිහින් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ විසූ සද්ධන්තයින් පස් දෙනෙකු මහවැලි ගගේ ප්‍රධාන අතු ගංඟාවක් වූ පෙරියආරු ගඟට අයත් පොලොන්නරුව ඕනෑගම පුදූර් ප්‍රදේශයේ වගුරු බිමක මඬේ එරී මියගොස් සිටියදී ඒ මළසිරුරු අද (01) දහවල් හමුවූ බව වනජීවි නිලධාරිහු කියති. 01 September 2018
කීඩෑවන් වැනසූ කුඹුරට ගිනි තියයි අම්පාර දිස්ත්‍රික්කයේ කීඩෑ උවදුර නිසා කුඹුරු අක්කර 14000 ක් පමණ විනාශ වි ඇති බව දිගාමඩුල්ල වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සී.එච්. කුමාර මහතා පැවසිය. 01 September 2018
කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්වෙති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ගෞරව ශාස්ත්‍රෙව්දී ගරු වල්ගම රතනසිරි හිමිපාණන් වෙත පිළිගැන්වීමේ උත්සවයක් අද (01) පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපොසථාගාරයේදී පැවැත්විණි. 01 September 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026