අනීෂා මානගේ
මදු තබා මුවන් සිව් දෙනෙකු ඝාතනය කර මස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ හම්බන්තොට කඳවුරේ නිළධාරින් හා හම්බන්තොට වනජීවි කාර්යාලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හම්බන්තොට අඩවි වන ආරක්ෂක නිළධාරි විජයකුමාර මහතාට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය හා වනජීවි නිළධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර තිබේ.
හම්බන්තොට කැටැන්වැව ප්‍රදේශයේදී යතුරුපැදියකින් මුව මස් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට කැටැන්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ජලය සොයා කැටැන්වැව වෙත පැමිණෙන මුවන් මදු තබා ඝාතනය කළ බවට සැකකරුගෙන් වැඩිදුරටත් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ වගේ මිනිස් ආත්ම ලබපු තිරිසනුන්... වතුර බොන්න එන අහිංසක සත්තු මරාගෙන කන්න තරම් අප සමාජය තිරිසන් වී ඇති සැටි. මෙවන් පාපතර මස්වැද්දන්ට විතරක් නොවේ ඒ අයගේ පවුල්වලටත් මේ පාප කර්ම වලට වන්දි ගෙවන්න වෙනවා.
මේ කරන අපරාධවලට එල්ලන්න ඕනේ... ඒ විදිහටම. කොහෙද අපේ රටේ වැරදි කරන අය එළියේ වැරදි නොකරන අය ඇතුලේ... වහාම දඬුවම් දිය යුතුයි.
ලෂාන් කියන්න හදන්නේ සත්තු මරන්නේ අන්‍ය ආගමිකයෝ පමණක් බවද?