අනීෂා මානගේ
මදු තබා මුවන් සිව් දෙනෙකු ඝාතනය කර මස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ හම්බන්තොට කඳවුරේ නිළධාරින් හා හම්බන්තොට වනජීවි කාර්යාලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හම්බන්තොට අඩවි වන ආරක්ෂක නිළධාරි විජයකුමාර මහතාට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය හා වනජීවි නිළධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර තිබේ.
හම්බන්තොට කැටැන්වැව ප්‍රදේශයේදී යතුරුපැදියකින් මුව මස් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට කැටැන්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ජලය සොයා කැටැන්වැව වෙත පැමිණෙන මුවන් මදු තබා ඝාතනය කළ බවට සැකකරුගෙන් වැඩිදුරටත් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ප්‍රකාශ කර තිබේ.

2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජලය බොන්න ආ මුවන් මදු තියා ඝාතනය කළ අයෙක් අල්ලයි
Raveendra Friday, 14 September 2018 11:28 AM
අනේ මේ වගේ මිනිස් ආත්ම ලබපු තිරිසනුන්... වතුර බොන්න එන අහිංසක සත්තු මරාගෙන කන්න තරම් අප සමාජය තිරිසන් වී ඇති සැටි. මෙවන් පාපතර මස්වැද්දන්ට විතරක් නොවේ ඒ අයගේ පවුල්වලටත් මේ පාප කර්ම වලට වන්දි ගෙවන්න වෙනවා.
LashanSaturday, 15 September 2018 05:07 AM
ඔය පැත්තේ බෞද්ධ අය නැහැ.
balasuriya Saturday, 15 September 2018 08:59 AM
මේ කරන අපරාධවලට එල්ලන්න ඕනේ... ඒ විදිහටම. කොහෙද අපේ රටේ වැරදි කරන අය එළියේ වැරදි නොකරන අය ඇතුලේ... වහාම දඬුවම් දිය යුතුයි.
prabha Saturday, 15 September 2018 01:00 PM
ලෂාන් කියන්න හදන්නේ සත්තු මරන්නේ අන්‍ය ආගමිකයෝ පමණක් බවද?